ONLINE
යමක් කිරීමට හැකියාවක් ලබා ගැනීම ඉගෙනුමෙන් සිදු වෙන බව සරලව දැක්විය හැකිය. යමක් කිරීමේ හැකියාව යන්න වැදගත් වන්නේ මනුෂ්‍යයට පමණක් නොවේ. සියලු සත්වයින්ට ද එය වැදගත් ය. කුරුල්ලන් පියෑබිය යුතුය. මාළුවන් දිය යට පීනා යා යුතුය. තාරාවන් ජලයේ පිහිනීම මෙන්ම ගොඩබිම ඇවිදීමද ඉගෙන ගත යුතුය. බල්ලන් දුවන්නටද, බුරන්නටද, සපා කන්නටද ඉගෙන ගත යුතුය. පූසන් මීයන් අල්ලන්නට ඉගෙන ගත යුතුය. තිරිසන් සත්වයන්ගෙන් මනුෂ්‍යයා වෙනස් වන්නේ සිතිය හැකි නිසාය. තිරිසන් සතුන් යම් යම් දේ කරන්නට ඉගෙන ගන්නේ ඔවුන්ට ආවේණිකව ලැබෙන හැකියා නිසාය.
අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මනුෂ්‍ය සමාජය දියුණු වූ බව අප කවුරුත් දන්නා කරුණකි. එසේ දියුණු වීමේදී ඔවුන් තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය බොහෝ දේ නිපදවා ගන්නට සමත් වූහ. අද වන විට ලෝකය නවීන විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් අපූර්ව දේ නිපදවන්නට ඉගෙන ගෙන ඇත. ඒ නිසා නූතන සමාජයෙහි ජීවත් වන කවරෙකුට වුවද මේ නවීන දේ නිපදවන්නට හා ඒවා පරිහරණය කරන්නටත්, ඒවා නඩත්තු කරන්නටත් ඉගෙන ගන්නට සිදුවේ.
අප දන්නා ඉතා පැරණි පාසලක් නම් දිසාපාමොක් ආචාරීන්ගේ තක්ෂිලාවයි. එය පවත්වා ගෙන ගොස් ඇත්තේ එම සමාජයේ පාලක පන්තියේ දරුවන්ට ඉගෙනුම සදහාය. රාජ්‍ය පවත්වා ගෙන යාමට අවශ්‍ය යුද ශිල්ප, පරිපාලන ක්‍රම, සදාචාරය, හික්මීම, විනය වැනි දේ තක්ෂිලාවේ උගන්වා ඇත. මෙය ලෝකයේ සෑම තැනකම පැවති පාසල් ක්රමයකි. ඒවා ආරම්භ වී ඇත්තේ ආගමික සිද්ධස්ථාන මුල් කර ගෙනය. බොහෝ විට ආගමික පූජකවරුන් ඒවායේ ගුරුවරුන් ලෙස කටයුතු කර ඇත. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ සිය ආගම සමාජයට උගැන්වීමයි.
ඉබේ ඉගෙනුමේදී ඉතාමත් වැදගත් වන්නේ නිරීක්ෂණය යි. එයින් අදහස් වන්නේ අවබෝධයකින් යුතුව යමක් දෙස බැලීමයි. ඒ මගින් එය සිදු වන ආකාරය නිසි ලෙස හදුනා ගන්නට පුළුවන. දෙවන කාරණය වන්නේ එය විශ්ලේෂණය කර බැලීමයි. එනම් එය කෙසේ සිදු වන්නේ දැයි තර්කානුකූලව පියවර ගොඩ නැංවීම යි. මේ මේ හේතු නිසා මෙසේ සිදුවේ. යන්න තීරණය කල හැක්කේ එවිට ය. නිරීක්ෂණය ඉබේ ඉගැනුමේ ආරම්භ වන අතර විශ්ලේෂණය ඉබේ ඉගැනුමේ ප්රවේශයයි.
කෙසේ නමුත් මුළු පෘථිවියම මේ වන විට උග්‍ර අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඒ අනෙකක් නොව COVID 19 වෛරසය නිසා ඵල්ල වන බලපෑමයි. මේ වන විට ලෝකය පුරා ලක්ෂ 20කට ආසන්න ජීවිත ප්‍රමාණයක් බිලිගත් මෙම වෛරසය ජන ජීවිතයට දැඩි පීඩාකාරී වී ඇත. එම හේතුව නිසා ඉගෙනීම දණින් වැටී ඇත.
ONLINE ක්‍රමය ඔස්සේ සියල්ල කල හැකිද යන්න ප්රශ්නයකි. විවිධ දරිද්‍රතාවලින් පෙළන ලාංකික ජනතාවගේ දරුවන්ට පාසල තුළින් ලැබෙන්නේ විශිෂ්ට වූ මෙහෙවරකි. කෙසේ නමුත් ඇති වී තිබෙන වාතාවරණය හමුවේ සියල්ලම සීමා වී ඇත. smart දුරකතන හරහා පැමිණෙන දැනුම ලංකාවේ සියලු ම දරුවන්ට එක ලෙස ලැබෙන්නේ නැත. මේ නිසා smart දුරකතන laptop මිලදී ගැනීමට ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට නොහැකිය. ලංකාව දිනෙන් දින ණය බරින් වැඩි වන අතර එහි සියලුම දහඩිය ගමේ වෙසෙන දුප්පත් අම්මා තාත්තාගේ කර මත පැටවේ. සියලු දෙනාටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබුණ ද දුප්පත් අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පහසුකම් පවතිනවා ද යන්න සිතිය යුතුය.
උදේ රැයින් නිවසින් පිටව යන දෙමාපියන් සැදෑ කළුවර සමඟ නිවසට ගොඩ වන්නේ දෛනික ජීවිතයේ කුසගින්න නිවාලණු පිණිස කොපමණ වෙර දරා මුදල් සෙව්වද දරුවන්නට සියල්ල ලඟා කර දීමට දෙමාපියන්ට හැකියාවක් නැත. ඒ මන්ද යත් ඔවුන් උපයා ගන්නා සොච්චම් මුදල එදිනෙදා වියදම් වන නිසාය. අනාගතය භාර ගැනීමට සිටින පරම්පරාව නවීන දැනුමින් ස්වයංපෝෂිත කිරීම අතීතයේ සිට පැවතිය ද වර්තමානයේ ජනතාව බදු මුදලින් යැපෙන මිනිසුන් නොසිටින්නේ ඇයි යන්න ප්‍රශ්නාර්ථයකි.
දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමයට සාර්ථක වැඩ පිළිවෙලක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතුය. මන්ද යත් COVID 19 හමුවේ නිවෙස් වල සදාකාලික නිරෝදායනයට අනාගතයේ දී යොමු වන්නට සිදු වනු ඇත.

9 Comments
😊😊👍👍
ReplyDeleteGreat ❤️🥂
ReplyDeleteSuperb👌👌👌
ReplyDeleteGood 👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteGood Article
ReplyDeleteGreat ❤️
ReplyDelete👌👌👌👌
ReplyDeleteSuper 👍
ReplyDelete