අසල්වැසියා






      



     ඉන්දියානු මහා සංස්කෘතිය ආර්ය වංශික ජනතාව සහ ද්‍රවිඩ ජනතාව එක්ව බිහි කරන ලද්දකි.ලොව පැරණිතම ශිෂ්ඨාචාරය වන ඉන්දු නිම්න ශිෂ්‍ඨාචාරය ඉන්දියාවට අයත් වූවකි.ලොව ප්‍රධානතම ආගම් ලෙස සැලකෙන බුද්ධාගම,ජෛන ආගම,හින්දු සහ සික් යනාදී ආගම් වල නිජ බිම ඉන්දියාවයි.ඉන්දියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස ගුප්ත රාජවංශය හැඳින්විය හැකිය.ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය තුළ ක්‍රි.පූ.2700 දී පමණ කෘෂිකර්මය මුල් කර ගත් ජනතාවක් එරට බිහි විය. එකල ඉන්දියාව විද්‍යාව,සංස්කෘතිය මෙන්ම කලාව අතින්ද දියුණුවට පත්ව තිබිණි.ක්‍රි.ව.16 වන සියවසේදී මෝගල් අධිරාජ්‍යය බිහි වීමෙන් පසුව ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.ඒ අනුව ක්‍රි.ව.1858 සිට 1947 දක්වා ඉන්දියාව මහා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතිණි. එකල පෙරදිග ඉන්දීය සමාගම යටතේ පාලනය විය. ඉන් පසුව ඉන්දියාවේ නිදහසින් පසුව බෙදී වෙන් ව ගිය පකිස්තානය හා ඉන්දියාව අතර කාශ්මීර දේශසීමාවේ දශක ගණනක් පුරාවට ගැටුම් පැන නැගිණි. එම ගැටුම් තව දුරටත් එලෙසම ක්‍රියාත්මක වේ. නිදහසින් පසුව එරට පලමු අගමැතිවරයා වූයේ ජවහර්ලාල් නේරු තුමා ය. 

      මෙසේ පැමිණි ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වූ පසුව 1950 වර්ෂ‍යේදී ජනරජයක් බවට පත් විය. ඒ සඳහා විශාල මෙහෙවරක් මහත්මා ගාන්ධි තුමා විසින් ඉටු කරන ලදි.ඔහු අවිහිංසා වාදයේ පියා ලෙස හඳුන්වයි. අතීතයේ ඉන්දියාවේ කැපී පෙනෙන පාලකයන් වූයේ අශෝක අධිරාජ්‍යයා හා මෝගල් අධිරාජ්‍යයා යි.

      ඉන්දියානු භූමිය වර්ග කිලෝමීටර් 2,973,193 ක් වන අතර සමස්ත ජනගහනය 1,251,695,584 ක් වේ. ඒ අනුව චීනයට පසුව ලොව වැඩිම ජනගහනයක් සිටින රට ඉන්දියාවයි.

      ඉන්දියාවේ ජාතික පක්ෂියා මොනරා වන අතර ජාතික පුෂ්පය නෙළුම් මලයි.එසේ ම ජාතික සත්ත්වයා බෙංගාලි ව්‍යාඝ්‍ර්‍රයා යි.භාෂා කිහිපයක් කතා කළ හැකි ජනතාව එහි වාසය කරති. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයද ඉන්දියානු මැතිවරණ ක්‍රමය වේ. ඉන්දියාවේ අගනුවර නව දිල්ලිය  වන අතර විශාලතම නගරය බුම්බායි නගරය යි. එරට ඇති මුඩුක්කු හා පැල්පත් නිවාස අගනුවරට තර්ජනයක් බවට පත් ව තිබේ. 

      එරට ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ධීවර කර්මාන්තයයි. නමුත් වී,ධාන්‍ය,එලවළු,පලතුරු ඇතුළු කෘෂිකාර්මික බෝග වගා එරට පුරා දැකිය හැකිය. එරට තවත් ආදායම් මාර්ගයක් නම් රෙදිපිළි/ඇඟලුම් නිෂ්පාදනය ඇතුලු හස්ත කර්මාන්තය යි. ස්වභාවික සම්පත් වලින් අනූන රටක් ලෙස ද ඉන්දියාව හැඳින්විය හැකිය.ගල් අඟුරු,මයිකා,ලෝහ යපස්,හුණු ගල් ආදිය එරට ස්වභාවික සම්පත් වලින් කිහිපයකි.  

       එරට ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව වන අතර වැඩිම ආදායම් උපයන ක්‍රීඩාව ද එයයි. එසේ ම එරට බොලිවුඩය ලොව විශාලතම සිනමා කර්මාන්තයයි. සුන්දරත්වය අතින් අනූන රටක් වන අතර එහි සංචාරක ආකර්ෂණය දිනූ ඉපැරණි ගොඩනැගිලි හා ස්ථාන රැසක් ම එරට පිහිටා ඇත.ටජ්මහල ඉන් එක් ස්ථානයකි. එසේ ම සුන්දර වන සත්ත්ව සම්පතින් ද එරට පොහොසත්‍ ය. එරට න්‍යෂ්ඨික බලයෙන් ද යුක්ත වන අතර අභ්‍යවකාශ ගවේෂණයෙන් ද ඉදිරියෙන් සිටී. 

       ඉන්දියාව වූ කලී විවිධ සංගීත සම්ප්‍රදායන්හි ආරම්භයයි. එසේ ම එරට එකිනෙකට වෙනස් නර්තන අංග රැසක් ම දැකිය හැකි ය. බිත්තර හා මස් ලබා ගැනීම සඳහා කුකුළන් ඇති කරන අතර මස් සහ කිරි සඳහා ද සතුන් ඇති කරයි.එයින් ගවයන්ට දේවත්වයෙන් සැලකීම නිසා එරට තුල ගව ඝාතනය නොකරයි.

       වර්තමාන අග්‍රාමාත්‍ය වරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා කටයුතු කරයි. එරට තුළ දුප්පත්කම මෙන්ම පොහොසත්කමද එකවර දැකිය හැකි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ ය.    

Post a Comment

11 Comments