නිදහස
ලක්දිව රාජවංශයේ ආරම්භය ක්‍රි.ව.543 දී විජයාගමනයත් සමඟ ඇරඹිණි.ඒ අනුව මෙරට රාජවංශයේ ප්‍රථම රජතුමා වූයේ විජය රජතුමා ය. විජය රජතුමාගෙන් පසුව පඬුවස්දෙව් රජතුමා ද ඉන් පසුව පණ්ඩුකාභය රජතුමා ද මෙරට පාලනය ගෙන ගියේ ය.ඉන් පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය ප්‍රථම වරට තම රාජධානිය බවට අත්පත් කර ගත්තේ ය.එතැන් පටන් විවිධ රජවරු මෙරට තුළ දීප්තිමත් රාජ්‍ය පාලනයක් ගෙන ගියේ ය.නමුත් මෙම පාලනයට ඇති වූ විවිධ ගැටුම් හා පාලකයන් සතු දුර්වලතාවයන් නිසා වරින් වර මෙරට පිරිහෙන්නට පටන් ගත්තේ ය.නමුත් රට යලිත් ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පැවති අතර එහි ප්‍රථිපලයක් ලෙස පොළොන්නරුව,දඹදෙණිය,යාපහුව,කුරුණෑගල, කෝට්ටේ ආදී රාජධානි කිහිපයක් බිහි වන්නට විය.ඉන් පසුව කෝට්ටේ රාජධානි සමයේ දී එනම් ක්‍රි.ව. 1505 දී පෘතුගීසීහු මෙරට ආක්‍රමණය කරන්නට විය.පෘතුගීසීන් මෙරටින් පලවා හැර ලන්දේසීන් ද ලන්දේසීන් මෙරටින් පලවා හැර ඉංග්‍රීසීන් ද මෙරට පාලනය ඔවුන් සතු කර ගත්තේ ය.ඉන් පසුව ලක්දිව 1815 මාර්තු 02 වන දින බ්‍රිතාන්‍යය යටත් විජිතයක් බවට පත් විය.බ්‍රිතාන්‍යයන් ලක්දිව තම පාලනයට නතු කර ගත් පසුව ලංකාවේ ඒ වන විට පාලනය කරමින් සිටි ලංකාවේ අවසාන රජතුමා ද උඩරට රාජධානියේ අවසන් පාලකයා ද වූ ශ්‍ර්‍රි වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් සිරබාරයට ගත්තේ ය.ඇතැන් සිට ලංකාවට නිදහස ලැබුණු දා වනතුරු එනම් ක්‍රි.ව.1948 පෙබරවාරි 04 වන දා දක්වා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස පාලනය කරන්නට විය.එකල ජනයා බ්‍රිතාන්‍යයන්ගේ විවිධ පීඩාවන්ට ලක්වෙමින් සමාජ,ආර්ථික,දේශපාලන හා සංස්කෘතික වශයෙන් පරිවර්තන රැසකට මුහුණ පෑහ.
ලක්දිවට නිදහස ලැබීමට පෙර අතීතයේ පෙරදිග වෙළඳ ඒකාධිකාරය යුරෝපීයන් විසින් ඔවුන් සතු කර ගැනීමට උත්සහ දැරූ අතර එයට ලංකාව හැර තවත් ආසියාතික රටවල් රැසක් යටත් කර ගැනීමට තැත් කළේ ය.එකල එනම් ඈත අතීතයේ සිට පෙරදිගින් කුළු බඩු,රන් රිදී ආදී ද්‍රව්‍ය යුරෝපය හා අරාබි රටවලට ගෙන ගියේ ය.ඉන් අනතුරුව කුළු බඩු භාවිතයට යුරෝපීයන් වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ කුළු බඩු සොයා පෙරදිගට යාමට යුරෝපීයන් තැත් කළේ ය.ඒ අනුව ක්‍රි.ව.1486 දී බර්තලෝමියු දියෙස් අප්‍රිකාවේ සුබපැත්මේ තුඩුවටත් ක්‍රි.ව.1498 දී ඉන්දීය සයුර තරණය කළ වස්කෝද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායටත් සේන්දු විය.එතැන් සිට පෘතුගීසීන් ඉන්දීය සයුරේ වෙළඳ ඒකාධිකාරය ඔවුන් සතු කර ගත්තේ ය.කුළු බඩු වෙළඳාම සේම කිතු දහම ප්‍රචාරය කිරීමද ඔවුන්ගේ ප්‍රධානතම අරමුණක් විය.ඉන් පසුව ක්‍රි.ව.1641 දී ලන්දේසීන් විසින් පෙරදිග වෙළඳාම පාලනය කරන්නට විය.ක්‍රි.ව.1600-1640 අතර කාලවකවානුවේදී ඉංග්රීසීන්ද පෙරදිග වෙළඳ සමාගමට අවතීර්ණ වූහ.යුරෝපීයන්ට අවශ්‍ය වූයේ එම වෙළඳ කටයුතු තමන් සතු කර ගනිමින් ලංකාව ඇතුළු අනෙකුත් රටවල්ද තම යටතට ගැනීමයි.1505 දී පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට ලංකාව ප්‍රධාන රාජධානි තුනකට බෙදී තිබුණි.එනම් කෝට්ටේ රාජධානිය ද උතුරින් යාපනය රාජධානිය ද කන්ද උඩරට රාජධානිය ද ලෙස බෙදී වෙන්ව තිබුණි.
ශ්‍රී ලංකාව තුළ පෘතුගීසි පාලනය ක්‍රි.ව.1505 සිට ක්‍රි.ව.1658 දක්වා පැවතිණි. ලොරෙන්සෝද අල්මේදා ඇතුළු නාවික පිරිස මුලින්ම ලංකාවට ඇතුල් විය.ඒ වන විට මෙරට පාලකයා වූයේ පරාක්‍රමබාහු රජතුමා ය.ඉන් පසුව පෘතුගීසීන් තම බලය මෙරට තුළ ප්‍රචලිත කිරීමට ප්‍රථමව පරාක්‍රමබාහු රජු සමඟ වෙලඳ ගිවිසුමක් ඇති කර ගන්නා ලදි.ක්‍රි.ව.1518 දී ප්‍රථම පෘතුගීසි බලකොටුව මෙරට තුළ ඉදි කරමින් කෝට්ටේ ඇති වූ යුද්ධ වලදී පෘතුගීසීන් බුවනෙකබාහු රජුට සහය පළ කළහ.ඉන් පසුව පෘතුගීසීන් විවිධ උපක්‍රම භාවිතා කරමින් රට තුළ බලය ඔවුන් නතු කර ගැනීමට තැත් කළේ ය.නමුත් අවසානයේ ගන්නෝරුවේ ඇති වූ යුද්ධයේ දී පෘතුගීසීන් ලාංකිකයන් හමුවේ අන්ත පරාජයක් ලැබී ය.නමුත් ඉන් පසුව ධර්මපාල කුමරුගේ අභාවයත් සමඟ නැවතත් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ගේ පාලනයට නතු විය.පසුව බලකොටු ඉදි කරමින් පෘතුගීසි පාලනයක් ගෙන යාමට කටයුතු කළ ද දියෝගෝද මේලෝ උඩරට ආක්‍රමණය කළේ ය.නමුත් ගන්නෝරුවේ ඇති වූ යුද්ධයත් සමඟ පෘතුගීසීන්ගේ උඩරට ආක්‍රමණ වැළැක්විණි.ඉන් පසුව ලන්දේසීන් විසින් පෘතුගීසීන් මෙරටින් පලවා හැරියේ ය.
ලන්දේසි පාලනය මෙරට තුළ ක්‍රියාත්මක වූයේ ක්‍රි.ව.1658 සිට ක්‍රි.ව.1796 දක්වා වූ කාලවකවානුව තුළයි.ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වූයේ රෙපරමාදු ආගම මෙරට තුල ප්‍රචලිත කිරීමයි.පෘතුගීසීන් මෙරටින් පන්නා දැමීමට විමලධර්ම සූරිය රජු අපේක්ෂා කළ ද ලන්දේසීන් එයට අකමැති විය.පසුව දෙවන රාජසිංහ රජු කුරුඳු වෙළඳාම හා වරායක් ලන්දේසීන්ගේ තනි අයිතියට දෙන පොරොන්දුව පිට පෘතුගීසීන් මෙරටින් පලවා හැරීමට කැමැත්ත ඵල කළේ ය.නමුත් රජුට නොදන්වා පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ වල පාලනය බෙදා ගන්නට මිත්‍ර ගිවිසුම් අත්සන් කළේ ය. විවිධ උපක්‍රම භාවිතා කරමින් ලන්දේසීන් තම පාලනය ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලදි.නමුත් එයට දෙවැනි රාජසිංහ රජු විරුද්ධ විය. පසුව ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මරණයත් සමඟ නායක්කර් වංශිකයෝ උඩරට රාජ්‍යයේ රජු බවට පත් විය. නමුත් පසුව ක්‍රි.ව.1760 දී පමණ ජනතාවගේ අප්‍රසාදය නිසා ලන්දේසීන්ට එරෙහිව කැරලි ඇති විය. ඊට හේතුව වූයේ අධික ලෙස බදු ගෙවීමට සිදු වීමයි.එකල පැවති ලෙඩ රෝග සහ කාලගුණය නිසා ලන්දේසීන් පසුබසින්නට විය.නමුත් පසුව උඩරට රජතුමා සමඟ ගිවිසුම් අත්සන් කළ ද එහි වාසි රැසක් ලන්දේසීන් සතු විය.පසුව ලන්දේසීන් සතුව තිබූ සියලු ප්‍රදේශ ඉංග්‍රීසීන් අතට පත් විය.නමුත් ලංකාව තුළ වැවිලි ක්‍රමය ස්ථාපිත කිරීමට ලන්දේසීන් කටයුතු කර ඇත.එසේම ලංකාව තුළ සාහිත්‍යය ද දියුණු විය.
ක්‍රි.ව.1796 දී ලන්දේසීන් සතුව තිබූ සියලු ප්‍රදේශ ඉංග්‍රීසීන් යටතට පත් විය.එතැන් සිට ලංකාව පාලනය වූයේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ ය.ඉන් පසුව මෙරට පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම හා බ්‍රිතාන්‍ය කිරීටයත් යන දෙකින්ම පාලනය වන්නට විය.එය ද්විත්ව පාලනය යනුවෙන් හැඳින්විණි.ලන්දේසීන් සතුව තිබූ දේ බ්‍රිතාන්‍යයන්ගේ යටතට ගත් නිසා ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.ඉන් පසුව බ්‍රිතාන්‍යයන් විසින් උඩරට අත්පත් කර ගැනීමට කටයුතු කිරීමෙන් පසුව එවකට පාලනය කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරබාරයට ගැනීමට බ්‍රිතාන්‍යයන් සමත් විය.ඔහු කෙරෙහි කළකිරුණු සිහලයෝ ඉංග්‍රීසීන්ට සහය දුන්හ.ඉන් පසුව උඩරට පාලනය මහා බ්‍රිතාන්‍යයේ රජු සතු වූ අතර එයට උඩරට නායකයින් හා බ්‍රිතාන්‍යය ආණ්ඩුව අතර 1815 මාර්තු 02 වැනි දින ගිවිසුමක් අත්සන් කෙරෙණි.එය උඩරට ගිවිසුම නමින් ප්‍රකට විය.එමඟින් බෞද්ධාගම ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍යයන් එකඟ විය.ඉංග්‍රීසීහු උඩරට ගිවිසුමට අනුව කටයුතු නොකළ නිසා 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති විය.ඉන් පසුව 1848 දී මාතලේ කැරැල්ලද ඇති විය.එහිදී ගොංගාලේගොඩ බණ්ඩා,වීරපුරන් අප්පු වැනි ශ්‍රේෂ්ඨ නායකයන් එයට මුල් පිරීය.ඉංග්‍රීසි පාලන සමයේ තේ,පොල්,රබර් ආදී බෝග වගාවන් වේගයෙන් ව්‍යාප්ත වූ අතර එසේම ලංකාව තුළ වේගවත් දියුණුවක් දැකිය හැකි විය.එහි විශේෂ සිද්ධියක් නම් විවිධ ප්‍රතිසංස්කරණ මගින් රට ඉදිරියට ගෙන ගියේ ය.ඉන් පසුව ලංකාව පළාත් 09 කට බෙදා පාලනය ගෙන යාමද ඉංග්‍රීසි පාලනයේ දායාදයකි.ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ද මෙරට තුළ ස්ථාපිත කළේ ය.
ඉංග්‍රීසීන් සමඟ පැවති පාලන කාලය තුළ විවිධ ක්‍රම හරහා නිදහස දිනා ගැනීමට කටයුතු කළ ද ඒවා ව්‍යර්ථක විය.කෙසේ හෝ ඉන් පසුව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් 1873 පානදුරා වාදය නමින් වාදයක් හඳුන්වා දෙමින් ක්‍රිස්තියානින් පරාජයට පත් කළේ ය.හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ පැමිණීමද එහි ප්රථිපලයකි.එතුමා විසින් ලංකාව තුළ නව පාසල් ආරම්භ කර බෞද්ධ හා හින්දු දරුවන්ගේ අධ්‍යාපනයට මඟ පෙන්වීය.ඉන් පසුව අනගාරික ධර්මපාල තුමා විසින් ඉංග්‍රීසීන් කෙරෙහි සිංහල ජනයා තුල පැවති බිය හා හීනමානය දුරු කළේ ය.එස්.මහින්ද හිමියන් ලාංකිකයන්ට ස්වදේශිකත්වය කියා පෑහ.මෙම නායකයන් නිදහස ලබා ගැනීමට කටයුතු කරන අතරතුර 1915 දී සිංහල මුස්ලිම් කෝලහලයක් ඇති විය.එය රට පුරා ව්‍යාප්ත වී ගොස් රටේ සිටි ගෞරවයට පත් වූ නායකයන් බොහෝමයක් අත්අඩංගුවට පත් විය.ඉන් පසුව සර් පොන්නම්බලම් රාමනාදන් හා ජේමිස් පීරිස් නිර්භයව ඉංග්‍රීසීන්ට විරුද්ධත්ය පෑහ. ඉන් පසුව සිංහල හා හින්දු ජනයාට ඔවුන් අනාරක්ෂිත බව හැගුණු නිසාම ඔවුන් එකතු වී ජාතික ව්‍යාපාරයක් ඇති කර ගත්තේ ය.ඉන් පසුව 1919 දී ලංකා ජාතික සංගමය ඇති කර ගැනිණි.ඩොනමෝර් ආණ්ඩුක්රමයෙන් පසුව 1936 දී පවත්වන ලද ඡන්දයෙන් තෝරා ගත් සභිකයන් 60ක් අතරින් සිංහල නියෝජිතයක් පමණක් 38 දෙනෙක් විය.ඉන් පසුව සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය බිහි කිරීමට පුරෝගාමී වූ අතර ජේ.ආර්.ජයවර්ධන මහතා සිංහල රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රකාශ කළේ ය.1936 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා සිංහල මහා සභාව
ඇති කළේ ය.වර්ෂ 1946 දි මහා වැඩවර්ජනය ආරම්භ කළ අතර එහි මුල්ම ඉල්ලීම් වූයේ ආර්ථික ඉල්ලීම් මෙන්ම පූර්ණ නිදහස ලබා දෙන ලෙසයි.ඉන් පසුව 1944 සෝල්බරි ප්‍රතිසංස්කරණය යටතේ මහරජු,සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇතුලුව ලංකා පාර්ලිමේන්තුව ආරම්භ කළේ ය.ඉන් අනතුරුව විවිධ පක්ෂ පිහිටුවා ගනිමින් පළමු වරට මැතිවරණයක් පැවැත්විය.ඒ අනුව 1947 දී නියෝජිත මන්ත්‍රණ සභාවේ වැඩි ආසන ගනණක් දිනා ගනිමින් එහි නායකත්වය එක්සත් ජාතික පක්ෂ නායක ඩී.එස්.සේනානායක මහතා පත් වූ අතර ඔහු ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ය.ඉන් පසුව 1945 එංගලන්තයට ගිය ඩී.එස්.සේනානායක මහතා ලංකාවට ඩොමීනියම් ආණ්ඩුක්‍රමයක් ඉල්ලීය.එහිදී එංගලන්ත රාජ්‍ය ලේකම් වරයා දැනුම් දී තිබුණේ නව ආණ්ඩුක්රමය ටික කලක් ක්‍රියාත්මක කළ පසුව ඩොමීනියම් තත්වය ලංකාවට පවරන බවයි.ඉන් පසුව ලංකාවට ඩොමීනියම් පාලනයක් හඳුන්වා දුනි.ඉන් අනතුරුව මෙරට අධිරාජ්‍ය මඟින් නියම කරන ලද සෑම ආණ්ඩුවක්ම පිළිගැනීම,ලෝක යුධ සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයේ සහයට ශ්‍රී ලංකාව සිටීම,වසර 12ක් තිස්සේ සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට හිමි වී තිබීම,ලංකාවේ වැඩිපිරිසකට කියන්නට,ලියන්නට හැකි වීම නිසාම ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට සුදුසු බව ඉංග්‍රීසීන්ට හැගී යන්නට විය.ඒ අනුව වර්ෂ 1948 දීලංකාව තම කැමැත්තෙන් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත් විණි.ලංකාවට ඩොමීනියම් තත්වයේ නිදහසක් ලැබිණි.මෙම දිනය ශ්‍රි ලංකාවට නිදහස දිනා ගත් දිනය ලෙස අදටත් සැමරේ.

14 Comments
Niyamai
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteGREAT 👍
ReplyDeleteGood article 👍
ReplyDeleteGreat one
ReplyDeleteniyamai
ReplyDeleteGood 👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteSuperb 💜️💜️💜️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDelete😍😍😍
ReplyDeleteGood 👍
ReplyDelete