ග්‍රීක ශිෂ්ටාචාරය











      වසර 2500කටත් ඈත අතීතයේ සිට ලෝකයේ බලවත්ම ශිෂ්ටාචාරවලින් එකක් ග්‍රීක භූමියේ පැවතිණි.ක්‍රි.පූ.08 සිට ක්‍රි.පූ.02 අතර කාලවකවානුවේදී ශ්‍රේෂ්ඨ ලේඛකයෝ,චින්තකයෝ සහ කලාකරුවෝ බටහිර සංස්කෘතියට විශාල බලපෑමක් කර ඇත.එකල සිටි ශ්‍රේෂ්ඨ කලාකරුවෝ සාහිත්‍ය,දේශපාලනය,නාට්‍ය හා රංගකලාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නට විය.එසේ බිහි වෙමින් පැවති ග්‍රීක ශිෂ්ටාචාරය පර්සියන්වරුන් යටපත් කර ගනිමින් සාමකාමී ලෙස යුරෝපයේ වැඩි ප්‍රමාණයක් ජනපද කරන්නට පටන් ගැනීමෙන් පසුව ශිෂ්ටාචාරය පිරිහෙන්නට පටන් ගත්තේ ය.ඉන් පසුව ඒ සියලු දේ රෝම අධිරාජ්‍යයට ඇඳිණි.

          එකල එනම් අතීතයේ ග්‍රීසිය තැනී තිබුණේ සිය ගණනක් වූ නගර හා ප්‍රාන්ත වලිනි. ඒවායින් බොහෝමයක් ගම්මාන විශාල නොවුණු අතර ස්පාටා සහ ඇතැන්ස් වැනි අතිවිශාල නගර පදනම් කරගෙන ඒ වටා බිහි විය.මේ සෑම ගම්මානයක්ම එකල ''පොලිස්'' යනුවෙන් හැදින්විණි.මෙම පොලිස් එක් එක් ගම්මානවලට අනුව නීතියෙන්,උත්සව හා පරිපාලන පද්ධතිවලින් වෙනස් වූවකි.එසේම මෙම පොලිස් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති විය.පුරාණ ග්‍රීසියේ ව්‍යාප්තිය සිදුවූයේ මේ ආකාරයෙනි.

       ග්‍රීසියේ තැනී තිබුණු විශාල නගර දෙක අතරින් ඇතැන්සය ප්‍රබල ස්ථානයක් ගනී.ක්‍රි.පූ.6 වන සියවසේ සිට ඇතැන්සය පාලනය කෙරුණේ  ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් යටතේ ය.එකල ඇතැන්සයේ විසූ බොහෝමයක් ජනයා කලාව හා සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් භුක්ති වින්දහ.පර්සියානුවන් සමඟ පැවති යුද්ධය ජයගත් ඔවුන් එය සැමරීම සඳහා විශාල බලකොටුවක් ඉදි කළහ.එහි පැවති විශාලම දෙවොල ඇතීනා දෙවඟනට කැප කළ පාතිනන් දෙවොලයි.ග්‍රීසිය තැනී තිබුණු අනෙක් නගරය නම් ස්පාටා නගරයයි.එහි ගෙවන ජීවිතය ඉතාමත් රළු හා නීති සහිත වූ ජීවිතයකි.එහි සියලුම පිරිමි ළමයින් සෙබළුන් වශයෙන් පුහුණු කරනු ලැබූහ.පෙලොපොනීසියන් යුද්ධයේ දී ස්පාටාවරු විසින් ඇතැන්සය යටත් කර ගෙන ග්‍රීසියේ හිමිකරුවන් බවට පත් වූහ.

  ග්‍රීක පුරාණයේ භාවිතා වූයේ ලතින් භාෂාව වැනි සම්භාව්‍ය භාෂාවකි.ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ,ඉතිහාසඥයෝ,කවියෝ මෙම ග්‍රීක සාහිත්‍ය පෝෂණය කරන්නට විය. එකී සාහිත්‍ය කෘති ‍රැසක් අද වන විට ද ඉතිරිව පවතී.ඇල්පබට් හෙවත් හෝඩිය යන වචනය නූතන ඉංග්‍රීසි භාෂාවේ පවා භාවිතා වන්නකි.එම වචනය සෑදී ඇත්තේ පුරාණ ග්‍රීක භාෂාවේ ප්‍රථම අක්ෂර ද්විත්වය වන ඇල්ෆා හා බීටා එකතු වීමෙනි.පුරාණ ග්‍රීසියේ සංස්කෘතිය කෙසේ ද යන්න විමසා බැලීමේ දී කලාව හා විද්‍යාව ඉතාමත් ඉහළ තත්වයක තිබිණි.සියවස් ගණනාවක් පසු කිරීමෙන් පසුවත් යුරෝපීය සංස්කෘතියට ආභාසය සැපයුවේ පුරාණ ග්‍රීක කලාවෙනි.එසේම ස්වභාවිකත්වය,සුන්දරත්වය අතින් පුරාණ ග්‍රීක මූර්ති ඉතාමත් ප්‍රසිද්ධ ය.ග්‍රීක මූර්තිවලට වස්තු විෂය වූයේ ක්‍රීඩාව හා ආගමික වන්දනා ආදියයි.එකල නාට්‍ය හා වාස්තු විද්‍යාව ප්‍රසිද්ධ තැනක් ගත් අතර වාස්තු විද්‍යාවේදී ගල් යොදා ගැනීම ඉගෙන ගත්තේ ඊජිප්තු වැසියන්ගෙනි.ඇතැන්ස් හි ස්වර්ණමය යුගයේ දී ලියැවුණු නාට්‍යය අදටත් රඟ දැක්වේ.

        සම්භාව්‍ය ග්‍රීසිය ඇති කිරීමෙහි පුරෝගාමී වූයේ මයිසිනියානු ශිෂ්ටාචාරයයි.මයිසිනියාවේ පැවති ජනාවාසවල සිට මුළු මහත් මධ්‍යධරණී කලාපය පුරාම පැතිර ගිය මයිසිනියන්වරු,ලෝකඩ යුගයේ විසූ වෙළෙන්දෝ සහ රණ ශූරයෝ වූහ.මයිසිනියානු යුගයේ පසු භාගයේ දී පමණ ග්‍රීක හමුදාවන් විසින් ට්‍රෝයි නගරය වටලනු ලැබූ හ.වසර 10ක් පමණ පැවතුණු මෙම යුද්ධය ට්‍රෝජන් යුද්ධය ලෙස හැඳින්විණි.නූතන තුර්කිය ලෙස හදුන්වනු ලබන්නේ මෙම ට්‍රෝයි නගරය යි.වර්තමානය වන විට එහි ඉතිරිව ඇත්තේ නටබුන් කිහිපයක් පමණි.පුරා වෘත්ත වල කියැවෙන පරිදි විශාල ලී අශ්වයෙකු ඇතුළේ සෙබළුන් සඟවා ට්‍රෝයි නගරය තුළට රිංගා ගැනීමට ග්‍රීකයන්ට අදහස දෙන ලද්දේ ඇතීනා දෙවඟන විසිනි.එම උපදෙස් අනුගමනය කරමින් ග්‍රීකයෝ විසින් එම යුද්ධ ජයග්‍රහණය කළහ.මෙම ට්‍රෝයි නගරය වටලෑමේ සිද්ධිය මුල් කර ගනිමින් ඉලියඩ් කාව්‍ය රචනා වී ඇත.එම ඉලියඩ් කාව්‍ය හා ඔඩිසි යන කාව්‍ය ග්‍රන්ථ දෙක ලොව ශ්‍රේෂ්ඨතම වීර කාව්‍ය ද්විත්වය ලෙස සැලකේ.එහි නිර්මාතෘ වූයේ හෝමර් ය.ඔඩිසි කාව්‍යයෙන් විස්තර කෙරෙන්නේ ද ට්‍රෝජන් යුද්ධයෙන් පසුව වීර ඔඩිසියන් සිදු කළ වීර වික්‍රම පිළිබඳවයි.

        ලෝක ඉතිහාසයේ එන වැදගත් ම සටනකි මැරතන් හි ඇති වූ සටන ක්‍රි.පූ.490 දී පර්සියානු හමුදාව ඊජියන් මුහුද තරණය කර ඇටිකා වෙත ගොඩබැස්සහ. මෙම සටනේ දී ඇතීනියන්වරුන් හා ඔවුන්ගේ මිත්‍ර හමුදා වල එකතුවෙන් පර්සියානු හමුදාව පරාජය කරන ලදි.ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන් විසින් ඩෙල්පිහි භාණ්ඩාගාරයක් තනා එහි පර්සියානුවන්ගේ පරාජයෙහි සිහිවටන තබන ලදි.ඉන් පසුව යුද්ධයට අධිපති වූ ඇපලෝ දෙවියන් උදෙසා එය කැප කරන ලදි.

       ග්‍රීකයන්ගේ විශ්වාසයන්ට අනුව ලෝකයේ පළමුවෙන්ම වාසය කරන ලද්දේ ටයිටන්වරු නැමැති යෝධයන් පිරිසක් බවයි.එම ටයිටන්වරුන්ගේ පාලකයා වූයේ ක්‍රොනෝස් නැමැත්තෙකි.ඔහු විසින් ඔහුගේ දරුවන් පණ පිටින් ගිල දැමුවේ ය.එයට හේතු වූයේ දරුවන්ගෙන් ඔහුට තර්ජනයක් ඇති වේය යන බිය නිසාය.ඔහුගේ දරුවන්ගෙන් එක් අයෙකු වූ සියුස් එකී ඉරණමෙන් ගැලවුණේ ය.ඒ සියුස් යැයි කියා රෙදි කඩක එතූ ගලක් ගිලින්නට දී සියුස්ගේ මව විසින් ඔහු බේරාගත් නිසයි.සියුස් හොර රහසේ වැඩුණි.සටන් වැදීමෙන් පසුව අනෙක් ටයිටන්වරු පරාජය කර දමා දෙවියන්ගේ රජු බවට පත් විය.ක්‍රි.පූ.545 න් පසුව බලවත් පර්සියානු අධිරාජ්‍යය අයනියාවේ පැවති නගර අල්ලා ගත් හ.ඒ නගරවලට උපකාර කිරීම ඇතැන්සය උත්සහ ගත් විට පර්සියන්වරු විසින් ග්‍රීසිය ආක්‍රමණය කළහ.නමුත් මැරතන් වලදී ඔවුන් යලිත් පන්නා දමන ලදි.ඉන් වසර 10කට පමණ පසුව ඇතැන්සය,ස්පාටා සහ වෙනත් ග්‍රීක නගර එකතු වී බලවත් පර්සියානු ආක්‍රමණ ජයගන්නා ලදි.

       පුරාණ ග්‍රීක වැසියන්ගේ විශ්වාසයක් වූයේ ග්‍රීසියේ ඇති උසම කන්ද වන ඔලිම්පස් කන්දට ඉහළින් පිහිටි වලාකුළු මාලිගයේ සිට දෙවිවරු සාමාන්‍යා ජනයා දෙස බලා සිටින බවයි.එහි දෙවිවරුන්ට විශේෂ වගකීම් තිබුණු බවද ඉතිහාසයේ කියවේ.ඇතීනා-කලාව, ඇපලෝ-සංගීත සහ කාව්‍ය,පොසෙයිඩන්-මුහුදේ භාරකාරීත්වය ලෙස වගකීම් වෙන්ව පැවතිණි.සියළු දෙවියන්ට අධිපති වූයේ සියුස් දෙවියන්‍ ය.ඔහු අහසේ හා පොළොවේ අධිපතියා ය.මෙය ග්‍රීක ශිෂ්ටාචාට‍යේ ව්‍යාප්තියයි.

Post a Comment

10 Comments