එක්සත් රාජධානිය 

 



යුරෝපා සංගමයට බැඳුණු වර්ෂ‍ය - 1973

ෂේන්ගන් සාමාජික - නැත 

දේශපාලන ක්‍රමය - වවස්ථාදායක රාජාණ්ඩුව 

අගනුවර - ලන්ඩන් 

මුළු භූමි ප්‍රමාණය - වර්ග කි.මි. 244,820

ජනගහනය - මිලියන 61.7

මුදල් ඒකකය - ස්ටරලිං පවුම් 

නිල භාෂාව - ඉංග්‍රීසි 

 

     එක්සත් රාජධානිය යනු මහා බ්‍රීතානය ( එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය ) සහ උතුරු අයර්ලන්තය යන ප්‍රදේශවලින් සමන්විත වූ රටකි.  එක්සත් රාජධානිය විවිධ භූ විෂමතාවලින් යුක්ත වන අතර උස් කදු මුදුන් තැනිතලා හා වෙරළබඩ ප්‍රදේශ ද එහි පවතී. එමෙන්ම ස්කොට්ලන්ත වෙරළට ඔබ්බෙන් දූපත් ‍රැසක් ද එක්සත් රාජධානිය සතුව තිබේ. සම ශීත උෂ්ණ දේශගුණයක් සහිත එරට වසර පුරා වර්ෂාව ලැබේ. ස්කොට්ලන්තයේ පිහිටි මීටර් 1344 ක් උසැති බෙන් නෙවිස් එරට උසම කන්දයි. එක්සත් රාජධානියේ ස්වාධිපතයට අයත් රටවල් 17ක් ඇත. ප්‍රදේශ 17ක් අයත් වේ. ඒවායින් 14ක් බ්‍රිතාන්‍යයෙන් පිටත් පිහිටි ප්‍රදේශ වන අතර සෙසු ප්‍රදේශ තුන බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතින රාජ්‍ය වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය 19 වන ශත වර්ෂ‍ය වන අතර එකළ ලෝකයේ භූමි ප්‍රදේශ වලින් හතරෙන් එකක් පමණ බ්‍රිතාන්‍යයට යටත්ව තිබිණි. 20 වන ශත වර්ෂයේ මුල්භාගයේ දී ඇති වූ ලෝක යුද්ධ දෙකක් සමග එරට බලය හීනවන්නට විය. කෙසේ වෙතත් 20 වන ශතවර්ෂයේ දෙවෙනි භාගයේදී බ්‍රිතාන්‍ය අධ්රාජ්‍යය යටතේ  තිබූ යටත් විජිත රැසක් ස්වාධීන රාජ්‍ය බවට පත් විය. එහෙත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයට ඇතුලත් වෙමින් යළිත් ප්‍රභල රාජ්‍යයක් බවට පත් විය. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පවතින එක්සත් රාජධානියේ වෙස්මිනිස්ටර් ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කර තිබේ. රාජ්‍ය නායකයා අගමැති ය. එරට නාමික විධායකය රජු වන අතර වර්තමානයේ දෙවන එලිසබත් මහ රැජින එම තනතුර උසුලයි. ඇය එක්සත් රාජධානිය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය යටතේ ඇති තවත් රටවල් 15ක නායිකාවද වේ.

       ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව එඩ්න්බර්ග් නගරයේ පිහිටා ඇති අතර එහි දේශීය කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය එම පාර්ලිමේන්තුව සතුව පවතී. එමෙන්ම වේල්සයේ ව්‍යවස්ථාදායක සභාව කාඩීෆ් නගරයේ පිහිටා ඇති අතර එම ප්‍රදේශයට අදාල යම් යම් ව්‍යවස්ථාදායක තීරණ ගැනීමේ බලය ඊට හිමි වී තිබේ. එක්සත් රාජධානිය යුරෝප සංගමයේ සාමාජිකයෙකු වන අතර 1973 සිට යුරෝපා ආර්ථික ප්‍රජාවේ සාමාජිකත්වය ද දැරීය. එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි. පොදු රාජ්‍ය මණ්ඩලය,යුරෝපා කවුන්සිලය, ජී  7 කණ්ඩායම, ජී 8 කණ්ඩායම, ජී 20 කණ්ඩායම, නේටෝව ආර්ථික සහයෝගීතව හා සංවර්ධනය  පිළිබද සංවිධානය සහ ලෝක වෙළද සංවිධානයේ ද සාමාජිකත්වය එක්සත් රාජධානියට හිමිවී තිබේ. ලොව ප්‍රථම කාර්මික රාජ්‍ය වන එක්සත් රාජධානිය 19 වන සියවසේ හා 20 වන සියවස මුලදී ලොව මහා බලවත් රාජ්‍යයක් විය. දැනට ලෝකයේ 6 වන ආර්ථික ශක්තියත් යුරෝපයේ තුන්වැනි විශාලතම ආර්ථිකයත් එරටට හිමි වී ඇත. එය යුරෝපයෙන් ආර්ථික වශයෙන් පසු පසින් සිටින්නේ ජර්මනියට හා ප්‍රංශයට පමණි. උසස් කාර්මික දැනුම හා සෙසු කර්මාන්ත අංශ වලින් එරට ආර්ථිකය පොහොසත් වී තිබේ. ලන්ඩන් අගනුවර ලෝකයේ ප්‍රමුඛතම මූල්‍ය සේවාවන් සපයන මධ්‍යස්ථානයකි. ලොව අධික යුධ වියදම් දරණ රටවල් අතර එක්සත් රාජධානිය 4 වන ස්ථානයේ සිටියි. එරට සන්නද්ධ හමුදා ඇතැම් විට හදුන්වනු ලබන්නේ රැජිනගේ හමුදාව හෝ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඇති හමුදාව යනුවෙනි. රාජකීය නාවික හමුදාව,රාජකීය ගුවන් හමුදාව හා  බ්‍රිතාන්‍ය යුධ හමුදාව එරට සන්නද්ධ සේවාවල ප්‍රබල අංශයි. එරට ජනගහනයෙන් සියයට 80ක් ඉංග්‍රිසි ජාතිකයෝය. සියයට 10ක් ස්කොට් ජාතිකයන් වන අතර සෙසු පිරිස වේල්ස් හා උතුරු අයර්ලන්ත ජාතිකයෝය. එක්සත් රාජධානිය තුල විවිධ සංක්‍රමණික ජනවර්ග රැසක්ම වාසය කරති. එම ජනවර්ග බටහිර ඉන්දීය කොදෙව්,ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය හා අප්‍රිකානු රටවලින් එරටට සංක්‍රමණය වූවෝ වෙති. එරට ජනගහනයෙන් 71.6% ක්ම ක්‍රිස්තුභක්තිකයෝ ය.

         උතුරු එංගලන්තයේ සාම්ප්‍රදායික ආහාර වර්ගයක් ලෙස ලැන්කශයර් හොට් පොට් හදුන්වා දිය හැකිය. එය සකස් කෙරෙන්නේ බැටලු හෝ ගව මස් අර්තාපල් හා ලුණු ආදිය එක් කිරීමෙනි. ස්කොට්ලන්තයේ විශේෂිත ආහාර වර්ගයක් ලෙස දුම්ගැසූ හැඩොල් නැමැති මුහුදු මාළු භාවිතයට ගැනේ. බදින ලද බේකන්, බිත්තර, සොසේජස්, පාන්,සෝඩා ආදිය අයර්ලන්තයේ ජනප්‍රිය ආහාර වේ. වේල්සයේ ප්‍රචලිත ආහාර වර්ගයක් ලෙස මුහුදු පැලෑටි වලින් සැකසූ ආහාර හදුන්වා දිය හැකිය. එමෙන්ම ඕට් නැමැති ධාන්‍ය ආහාරය බේකන් හා බිස්කට් වේල්සයේ තවත් ජනප්‍රිය ආහාරයකි.

      එක්සත් රාජධානිය සාහිත්‍යය හා විද්‍යාව යන අංශවලින් ද ඉතිහාසයේ සිට ප්‍රභල දියුණුවක් ලබා ඇත. අයිසෙක් නිව්ටන් හා චාල්ස් ඩාවින් වනි ලොව ප්‍රකට විද්‍යාඥායෝ එරට පහල වී ඇත. වර්ථමාන ආර්ථික විද්‍යාවේ පියා ලෙස හැදින්වෙන ඇඩම් ස්මිත් ස්කොට්ලන්ත ජාතිකයෙකි. විලියම් වර්ඩ්ස්වඩ්ත්, ටී.එස්.එලියට් වැනි ලොව ප්‍රකට කවියන් හා සාහිත්‍යධරයන්ට ද එරට නිජ බිම වී ඇත. විලියම් ශේක්ස්පියර් නාට්‍යකරණයෙන් එරට ලෝක පූජිත කොට තිබේ. එමෙන්ම හැරී පොටර් කතාමාලාව නිර්මාණය කල ලේඛිකා ජේ.කේ.රෝලින් ජේම්ස් බොන්ඩ් කතාමාලාව නිර්මාණය කළ ඉයන් ෆෙලෙමින්ග් ආදීහු වත්මන් ප්‍රකට සාහිත්‍යදරයෝ වෙති. 1922 දී ආරම්භ කළ බී.බී.සී ආයතනය එක්සත් රාජධානියේ ප්‍රභලතම මහජන සේවා ගුවන් විදුලි, රූපවාහිණී හා අන්තර්ජාල ප්‍රචාරක සංස්ථාව වේ.එමෙන්ම ලොව පැරණිම හා විශාලතම විද්‍යුත් මාධ්‍ය ආයතනය ද එයයි. ලොව අති සාර්ථක වූ හොලිවුඩ් චිත්‍රපට රැසක් ද එක්සත් රාජධානියේ නිෂ්පාදනය කර තිබේ. ටයිටැනික්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් එවැනි චිත්‍රපට  ඉන් කිහිපයකි. වොල්ඩ් ඩ්ස්නි විසින් නිෂ්පාදිත ක්‍රියාදාම චිත්‍රපට ලොව පුරා ළමයින් අතර ප්‍රචලිත වී තිබේ. ඇලිස් දුටු විශ්මලන්තය, පීටර් පෑන්, රොබීන් හුඩ් වැනි කතා ලොව පුරා ළමයින් අතර ජනප්‍රිය වී ඇත. එමෙන්ම ඇල්ෆඩ් හිව්කොක්, ඩේවිඩ් හීල් වැනි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ද එක්සත් රාජධානියෙන් බිහිවී ඇත. 

     විවිධ ජනප්‍රිය සංගීත ශෛලයන් පිළිබදව එක්සත් රාජධානිය ප්‍රසිද්ධයක් උසුලයි.එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ ජන සංගීතය ලොව පුරා ප්‍රචලිතය. ලොව ප්‍රකට සංගීත කණ්ඩායමක් වන බීට්ල්ස් මෙන්ම එල්ටන් ජොනී වැනි ගායකයින් සමස්ත ලෝකයේම රසික ජනතාව වශී කරගෙන ඇත. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හදුන්වාදුන්නේද එංගලන්තයයි. එරට සෙසු ජනප්‍රිය ක්‍රීඩා ලෙස පාපන්දු, රග්බි, ඔරු පැදීම, බොක්සින්, බැඩ්මින්ටන්, ටෙනිස්, දුනු විදීම හා ගොල්ෆ් දැන්විය හැකි ය.   

Post a Comment

19 Comments