සිබිල් වෙත්තසිංහ
ඈ සිත්තර අත්තම්මාය.නමින් සිබිල් වෙත්තසිංහය.ආදරයට කවුරුනුත් කියන්නේ සිබිල් නැන්දා කියාය. ඒත් දැන් ඇය මිත්තණියකි.දරුවන් වෙනුවෙන් කතා ලියන සිබිල් නැන්දා පසුගිය දවසක සිය දිවියේ 88 වැනි උපන්දිනය සැමරුවාය.දෙස් විදෙස් නම රැන්දූ සිබිල් නැන්දා ගැනයි මේ.
සිබිල් නැන්දාගේ කතා හරි අපූරුයි.ඒ අපූර්වත්වය ඇතිවීමට හේතු කිහිපයක් තිබෙනවා.ඇගේ පොත්වල තියෙන්නේ ගැමි කතා,ගැමි පරිසරය,ගැමි වචන,සිත් ඇඳගන්නා ලෙස ඇය තමන්ගේ භාෂාව හසුරුවන නිසා ඇය ලියන කතා හරිම රසවත් ය.ඒ කතා වල සුන්දරත්වය වැඩි කරන්නේ ඇගේම සිතුවම් ය. ඇය කතා ලියන්න කලින් සිතුවම් ඇන්ඳා ය. ඇය නාගරිකව ජීවත් වුවත් ඈ උපන් ගමෙන් ලද අත්දැකීම් පොත පතට මුසු කලේ ය.ඒ නිසා ඒවා හරිම රසවත් ය. විදේශිකයන් පවසන්නේ සිබිල් නැන්දාගේ කතාවක් කියැවූවිට ලංකාවේ ගමක් වටා රවුමක් ගියා වැනිය කියාය.
සිබිල් නැන්දා මුලින්ම චිත්‍රයක් ඇඳ දී ඇත්තේ ඇයගේ සීයාට ය.ඔහු එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී රුවන්වැලිසෑය පිළිසකර කරන්න දායක විය. දැන් රුවන්වැලිසෑයේ ඉදිරිපස ඇති ඇත් පවුර සෑදීමට සීයාට ඇත් පවුරේ සිතුවම් ඇඳ දී ඇත්තේ ද සිබිල් නැන්දා ය.ඒ ඇයට වයස අවුරුදු දහයෙදී පමණ ය. චිත්‍ර ඇදීමේ හැකියාවක් ඇති බව වැටහුනුදා සිට ඇය දිගටම චිත්‍ර ඇඳීමේ නිරත වූවාය. ඈ සිතුවම් ඇඳීමට හුරුවක් ලබා ගෙන ඇත්තේ නිවසේ බිත්ති වල කෝටු කෑලි වලින් චිත්‍ර ඇඳීමෙනි. නවමග පස්වැනි ප්‍රමාණයේ කියැවීමේ පොතට සිබිල් නැන්දා සිතුවම් ඇඳ ඇත්තේ ඇයට අවුරුදු පහළොවේදී පමණ ය. ඒ පොතේ සිතුවම් ඈ අද අඳින සිතුවම් වලට වඩා බොහෝම වෙනස් ය.
පුංචි කාලේ දකුණු පළාතේ ගිංතොට කියන සුන්දර ගමේ සිටි සිබිල් නැන්දා ගමේ පාසලෙන් අකුරු උගත්තේ ය.ඉන් පසුව අවුරුදු අටක් පමණ වන විට පවුලේ අයත් සමග කොළඹ පැමිණ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යපනය ලැබී ය.ගමේ පාසලෙන් අකුරු ඉගෙන ගත් සිබිල් නැන්දාට එහිදී අභියෝගයක් එල්ල විය. ඇයට ඉගෙන ගන්නට වූයේ ඉංග්‍රිසි භාෂාවෙනි. ඇය ඒ අභියෝගය උත්සාහයෙන් ජය ගත්තා ය. ඉංග්‍රිසි භාෂාව හොදින් ප්‍රගුණ කර ඒ බසින් පොත් ලියා ලෝකය ජය ගැනීමට ඇයට හැකි වී තිබේ.
සිබිල් නැන්දා පුවත්පත් කලාවට එක් වූයේ ළාබාල අවධියේදීමය. ඇය මුලින්ම ලංකාදීප පුවත්පතේ සේවය කළා ය. ඉන් පසුව ලේක් හවුස් ආයතනයේ ජනත පුවත්පතේ සේවය කළා ය. ළමයින්ට ලියන්නට පටන් ගත්තේ එතැන් සිටයි. සිබිල් නැන්දා මුලින්ම කතාවක් ලියා සිතුවම් ඇඳ ඇත්තේ ජනතා පුවත්පතේ ළමා පිටුවටයි.ඒ කතාව නම් කුඩ හොරාය. ඇගේ මුල්ම පොත වූයේත් කුඩ හොරාය. ඒ පොතේ රසවත් බව නිසාම ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබී ය.ලංකාවේ පමණක් නොව ජපානය,චීනය,කොරියාව,පිලිපීනය,ස්වීඩනය,ඩෙන්මාර්කය ආදී රටවල් ගනණාවක දරුවන් අතරේ මෙම පොත පරිහරණය වේ. භාෂාවල් ගනණාවකින් මෙම පොත පරිවර්තනය වී ඇත.කුඩ හොරගෙන් ධෛර්ය ලත් සිබිල් නැන්දා දිගින් දිගටම දරුවන් වෙනුවෙන් පොත් පත් ලියන්නට විය.
සිබිල් නැන්දා චිත්‍ර ඇඳ ඇත්තේත් කතා ලියා ඇත්තේත් තමන්ට ආවේණික වූ ශෛලියකිනි.ඒ නිසා ලියන කතා මෙන්ම අඳින සිතුවම් ද සිත් ගන්නා සුලුය.සිබිල් නැන්දා ලියනු ලබන්නේ දරුවන්ට වුවද ඒවා වැඩිහිටියන්ටද රස විඳිය හැක. වැඩිහිටියන්ටද පාඩම් ඉගෙන ගත හැකි ය. ඇය කී පරිදි නම් ඇයට මේ තරම් උසස් තැනකට ඒමට හැකි වී ඇත්තේ ඇගේ ගෙදරින් ලැබුණු අනුග්‍රහය නිසා ය.බිත්තියේ චිත්‍ර ඇඳ කැත කළාට අම්මා බැන්නේ නැති නිසා ඇය දිගින් දිගටම සිතුවම් ඇඳ ඇත.
සිබිල් නැන්දා කතා ලියනුයේ දරුවන්ට උපදෙස් දෙන්නට හෝ පාඩම් කියා දෙන්නට නොවේ.ලස්සන කතාවක් ගොතා රසවත්ව ලියා දරුවන්ට එයින් පාඩමක් ඉගෙනීමට ඉඩ සලසා දෙයි.ඒ ඇය සතු දක්ෂතාවකි.සිබිල් නැන්දා කියන ආකාරයට වයසට ගියත් ඇය තවමත් සිතනුයේ ළමයෙකු ලෙසිනි.ඒ නිසා ළමයින්ගේ ලෝකයට සරිලන දේ ලබා දෙන්නට පුලුවනි. දඟකාරකමින් සාර්ථකත්වය ලබා ගත හැකි ය.ඒ නිසා ඇගේ කතා වල දඟකාර චරිත බොහෝය.
සිබිල් නැන්දා පොත් රචනා රචනා කලේ ලංකාවේ දරුවන්ට ය.ඒ වුනත් ඒ කතා වෙනත් රටවලත් ජනප්‍රිය විය. මුල්ම පොත වූ කුඩ හොරාගේ පටන් ලියූ බොහෝමයක් පොත් වෙනත් භාෂාවලට පරිවර්තනය විය.ඒ තරමට ඒ රටවල දරුවන් සිබිල් නැන්දාගේ කතා කීමට රුචියක් දක්වති.
සිබිල් නැන්දාගේ සාහිත්‍ය මෙහෙවර අනුස්මරණීයයි.මේ වන විට ඇය කෘති 300කට අධික ප්‍රමාණයක් ලිය ඇත. ඒවාට මෙරටදී සාහිත්‍ය මෙහෙවර බොහෝමයක් හිමි වී තිබේ. ඒ වගේම වෙනත් රටවලදී ද ඇය සම්මනයට පාත්‍ර වී තිබේ. ජපානයෙන් ලද නෙකී සම්මානය මේ සම්මාන අතර විශේෂ වේ.මේ වන විට ඒ සම්මානය ලබා ඇත්තේ ලෝකයේම කාන්තාවන් හතර දෙනෙකු පමණි. සිබිල් නැන්දා ඉන් එක් තැනැත්තියකි.
සිබිල් නැන්දා ලියූ පොත්
- කුඩ හොරා
- කාර් බබා
- මැටි ගෙදර ළමයි
- උඩ ගිය බබා
- සූත්තර පුංචා
- කිරි හාමි
- දුර ගමනක්
- සීනක්කු මාමා
- සුන්බුන් සොක්කා
- මඟල් ගෙදර බත් නැතෝ
- ඉංග්‍රිසි බසින් ලියූ පොත්
- වෙනත් මගක ගිය පොත්
- කුසුමලතා
- රසවතී
16 Comments
නියමයි👍
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDelete❤️❤️🥂
ReplyDeleteGreat work excellent
ReplyDeleteඑල 💖
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteBest
ReplyDeleteVeleuble
ReplyDeleteGood 👍👍
ReplyDeleteBEST 👌
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteවැදගත් 👍
ReplyDelete👍👍
ReplyDeletegood
ReplyDeletegood
ReplyDeleteGood
ReplyDelete