නාට්‍ය කරුවෝ


      විනෝදාස්වාද මාධ්‍යක් වශයෙන් වේදිකා නාට්‍ය කලාව මුල් තැනක් ගනී. ලෝකයේ බොහෝ රටවල සංස්කෘතීන්ට, ආගම, ජීවන රටාව ආදිය අනුව හැඩගැසුණු නාට්‍ය කලාවක් තිබේ. ඒ ඒ රටවල නාට්‍ය කලාවන් ඉහළ තලයට නැගුණේ නාට්‍ය නිර්මාණ ශිල්පීන්, පිටපත් රචකයින්, නළුනිළියන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙනි. අද වන විට ලෝකයේ නාට්‍ය සම්ප්‍රදායන් හා ශෛලීන් රැසකි. සමහර නාට්‍ය ශෛලීන් තනිව පැවතීමෙන්ද තවත් නාට්‍ය ශෛලීන් එකිනෙක හා සංකලනය කිරීමෙන් ද සපුරාම වෙනත් නාට්‍ය කලාවක ආභාසය ලැබීමෙන් ද මේ නාට්‍ය විවිධත්වය අතින් ඉහළ තැනක් ගත්තේ ය. ලෝකයේ කුමන නාට්‍ය සම්ප්‍රදායක් වුවද මිනිසුන් අතරට ගෙන යාමටත්, ලෝකයෙත් තව තවත් ප්‍රචලිත කිරීමටත් නාට්‍යවේදීන්ගෙන් ඉටු වී ඇති මෙහෙය සුළුපටු නොවේ. බ්‍රිතාන්‍යයේ ෂේක්ස්පියර්, ජර්මනියේ බ්‍රෙෂ්ට්, ඇමරිකාවේ ටෙනසි වියලම්, රුසියාවේ චෙකෝෆ්, ප්‍රංශයේ මොලියර්, ග්‍රීසියේ ඊස්කිලස්, ඉතාලියේ ලුයිජි පිරැන්ඩෙලෝ ආදී ශ්‍රේෂ්ට නාට්‍ය වෙදීහු ලෝක නාට්‍ය කලාව උදෙසා විශාල මෙහෙයක් ඉටු කළ පුරෝගාමියෝ වෙති. 


     නූතන ලාංකීය වේදිකා නාට්‍ය කලාව පිළිබඳ විමසා බලන විට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන හා ගුණසේන ගලප්පත්ති යන විශිෂ්ට නාට්‍යවේදීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. මන්ද සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නෝ ඔවූහූය. මෙම නාට්‍යවේදීන් සහ අනෙකුත් නාට්‍යවේදීන් දෙස් විදෙස් නාට්‍ය කලාවන් හදාරමින්, විවිධ පර්යේෂණ කරමින් කළ සොයා ගැනීම් ලංකාවේ නාට්‍ය කලාවේ දියුණුවට හේතු වී තිබේ. 


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍












උපත - 1914 ජුනි 3 ගාල්ලේදී 

විපත - 1996 අගෝස්තු 16

        සිංහල නාට්‍ය කලාවේ හා සාහිත්‍ය කලාවේ පුරෝගාමියෙක් වූ මොහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ඇලොසියස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් යනාදී පාසල් ගණනාවකින් මූලික අධ්‍යාපනය ලැබීය. 1933 දී එවකට යුනිවර්සිටි කොලීජියට ( වත්මන් කොළඹ විශ්ව විද්‍යාලයට ) ඇතුළත්ව පාලි සංස්කෘත හා සිංහල උගත්තේය. ඉන්දියාවේ ශාන්ති නිකේතන‍යෙන් පෙරදිග සංගීතය හා නාට්‍ය කලාව පිළිබඳව හැදෑරීය. 1947 - 1949 ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බටහිර දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේ ය. එතුමාට ආචාර්ය උපාධිය හිමි වූයේ භවාංග              පිළිබඳව කළ පර්යේෂණයක් හේතුවෙනි. එසේම සරච්චන්ද්‍රයෝ ප්‍රාචීන භාෂාව පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක් විය. මෙතුමා ජාතක කතා, පැරණි ජන කතා, ජනශ්‍රැති, සොකරි, නූර්ති නාඩගම් ආදිය ඇසුරින් නාට්‍ය ගණනාවක් නිශ්පාදනය කර තිබේ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවලට ගොස් නාට්‍ය අත්දැකීම් ලබාගත්තේ ය. 


නාට්‍ය 


 මුදලාලිගේ පෙරළිය ( 1943 ) මොලියර්ගේ ලේ බුර්ෂ්වා ෂෙන්ට්ල් හෝම් හී අනුවර්තනයකි. 

 කපුවා කපෝති ( 1946 ) නිකොලායි ගොගොල්ගේ ද මැරේජ් නාට්‍යයේ අනුවර්තනයකි. 

හැංගි හොරා ( 1949 ) ඔස්කා වයිල්ඩ්ගේ ඉම්පෝර්ටන්ස් ඔෆ් බින් අර්නස්ට් හි අනුවර්තනයකි. 

වලහැඩියා මගුල් ප්‍රස්ථාව හා මැනේජර් ( 1950 ) 

පබාවතී ( 1952 ) 

වෙද හටන ( 1953 ) 

රත්තරන් ( 1954 )

වදින්න ගිය දේවාලේ ( 1955 ) 

මනමේ ( 1956 ) 

කදා වලළු, එලොව ගිහින් මෙලොව ආවා ( 1959 ) 

වෙල්ලවැහුං ( 1960 ) 

සිංහබාහු, ඒකට මට හිනා, හස්ති කාන්ත මන්තරේ ( 1961 ) 

මහාසාර ( 1968 ) 

ප්‍රේමතෝ ජායතී සෝකෝ ( 1969 ) 

වෙස්සන්තර ( 1980 ) 

ලෝමහංස, කිරි මුට්ටිය ගඟේ ගියා ( 1985 ) 

බව කඩ තුරාව ( 1989 ) 


     සරච්චන්ද්‍රයන්ගේ සාර්ථකම නාට්‍ය ලෙස හැදින්වෙන්නේ 1961 දී වේදිකා ගත කළ සිංහබාහු නාට්‍යය යි. මනමේ සිංහබාහු වැනි නාට්‍ය බිහි වූයේ සිංහල ගැමි නාට්‍ය පිළිබඳව පුළුල් පර්යේෂණ කිරීමත්, නව නාට්‍ය සම්ප්‍රදායක් හැදෑරීමත් නිසාය. එතුමා නවකතා, කෙටිකතා, ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ වෙනත් පර්යේෂණාත්මක ග්‍රන්ථ ද ලියා සිංහල නාට්‍ය කලාව පමණක් නොව සාහිත්‍යය ද පෝෂණය කළ ශ්‍රේෂ්ඨ නාට්‍යවේදියෙකි.


ගුණසේන  ගලප්පත්ති


උපත - 1927 ජුනි 27 මාතර දික්වැaaල්ලේදී

විපත - 1984 නොවැම්බර් 27 

       මොහු නාට්‍යවේදියෙකු මෙන් ම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකි. පරිවර්තකයෙකි. ගුරුවරයෙකි. දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් හා මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1952 පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එහිදී මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් හා එකතුව නාට්‍ය කලාව පිළිබඳ හැදෑරී ය. ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණාත්මක නාට්‍ය කලාව පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබීය. රුසියාව,ජපානය හා ස්පාඤ්ඤය වැනි රටවල් රැසක සංචාරවල නිරත වීමෙන් නාට්‍ය කලාව පිළිබඳව දැනුම පුළුල් කර ගත්තේ ය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කළේ ය. ඔහුගේ ප්‍රථම නාට්‍ය වූයේ සඳකිඳුරු කවි නාඩගමය. 


නාට්‍ය


සඳකිඳුරු ( 1957 ) 

මූදු පුත්තු ( 1962 ) 

දේවතා එළි ( 1962 ) 

දෑස නිසා ( 1964 ) 

ලියතඹරා ( 1967 ) 

තාත්තා ( 1969 ) 

 

       බටහිර හා පෙරදිග නාට්‍ය කලාවන් දෙකෙහි ආභාසයෙන් ඔහුගේ මූදු පුත්තු නාට්‍යය නිපදවිණි. දක්ෂ ලෙස භාෂාව භාවිතා කරන්නෙකි. විදේශීය වස්තු බීජ අපේ සංස්කෘතියට ගැළපෙන සේ ඉදිරිපත් කළේය. 


සුගතපාල ද සිල්වා


උපත - 1928 අගෝස්තු 4 

විපත - 2002 ඔක්තෝබර් 28 

      නාට්‍ය රචකයෙකු මෙන් ම නවකතාකරුවෙකු වන මොහු 1960 ගණන්වල සිට සිංහල නාට්‍ය කලාවේ ප්‍රධාන චරිතයක් විය. ලංකාවේ යථාර්තවාදී නාට්‍ය කලාවේ යුග පුරුෂයා ලෙස හදුන්වයි. ස්වභාවික නාට්‍ය සම්ප්‍රදාය රසිකයන් අතරට ගෙන යාමට පුරෝගාමී වූ අයෙකි. සොදුරු ආඥාදායකයා ලෙස ද මොහු හඳුන්වයි. ගම්පොළ ජිනරාජ විද්‍යාල‍යෙන් ද, වැලිගම සිද්ධර්ථ විද්‍යාලයෙන්ද, කොළඹ කේම්බ්‍රිජ් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබුවේය. පාසල් සමයේදී ප්‍රේම මායා යනුවෙන් නාට්‍යක් රචනා කළේය. ටික කලක් ඉංග්‍රිසි ගුරුවරයෙකු වශයෙන් සේවය කිරීමෙන් අනතුරුව සිංහල ජාතික පුවත්පතට එක් විය. ඉන්පසු වැල්ලවත්තේ කේ.වි.ජි. පොත් හලේ සේවය කළේය. එහිදී පොත් කියවීමෙන් ලද දැනුම් සම්භාරය ඔහුගේ ජීවිතයට ආලෝකයක් විය. 1962 ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය උත්සවයේ දී ඔහුගේ පළමු නාට්‍ය නිර්මාණය වන '' බෝඩිංකාරයෝ '' නාට්‍යයට  හොඳම පිටපත, හොඳම නාට්‍ය නිශ්පාදනය  සහ හොඳම රංගනය යන සම්මාන ත්‍රිත්වයම හිමිවිය. 


නාට්‍ය


එක වල්ලේ පොල් ( 1958 ) 

බෝඩිංකාරයෝ ( 1961 ) 

තට්ටු ගෙවල් ( 1963 ) 

හරිම බඩු හයක් ( 1965 ) 

හෙලේ නැග්ග ඩෝං පුතා ( 1966 ) 

නිල් කටරොල් මල් ( 1967 ) 

හිත හොඳ අම්මණ්ඩි ( 1969 ) 

දුන්න දුනුගමුවේ ( 1972 ) 

මුතු කුමාරි ( 1973 ) 

තුරඟ සන්නිය ( 1975 ) 

නන්දිවිසාල ( 1977 ) 

සත සහ සත ( 1980 ) 

ඇසල සඳ අවන්හල ( 1983 ) 

මරාසාද් ( 1986 ) 

සාත්තුවර සෙබළාණෝ ( 1991 ) 


     ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය ඇඟයීම් මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. 


දයානන්ද ගුණවර්ධන



උපත - 1934 ඔක්තෝබර් 15 

විපත - 1993 ජුනි 18

       නාට්‍ය රචකයෙක් වන මෙතුමා උඩුගම්පල රජයේ මහා විද්‍යාලයෙන්, වේයන්ගොඩ මධ්‍යමහා විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පේරාදෙණිය සරසවියට ඇතුළත් විය. හෙතෙම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිශ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද සේවය කළේය. රැසියාව,රුමේනියාව, යුගොස්ලෝවියාව, වැනි රටවල නාට්‍ය වැඩමුළු ආදියට සම්බන්ද වී නාට්‍ය පිළිබඳව හැදෑරීය. ලංකාවේ නාට්‍ය කලාවට ප්‍රාසාංගික බවක් එක් කළ නාට්‍ය වේදියෙකි. ගැමි ජන කතා, ගැමි සංගීතය ආදිය නාට්‍ය වලට යොදාගත් අතර සරච්චන්ද්‍රයන්ගෙන් පසු දේශිය නාට්‍ය කෙරෙහි  වැඩි අවදානයක් යොමු කළ නාට්‍යවේදියා ලෙස හඳුන්වන්නට පුළුවන. ඔහුගේ ජසයා සහ ලෙංචිනා නාට්‍ය, කෝලම්වල එන ජස ලෙන්චිනා ඇසුරින් කළ නිර්මාණයකි. ඔහුගේ විශිෂ්ටම නිර්මාණය ලෙස සැලකෙන්නේ ගජමන් පුවත '' නාට්‍යයයි. වාර්තා රංග ශෛලිය ලංකාවට පළමු වරට ගෙන එන්නේ ද මෙම ගජමන් පුවත නාට්‍යයෙනි. 


නාට්‍ය


මනමාලයෝ ( 1958 ) 

පරාස්සයා ( 1959 ) 

ඇමති පට්ටම ( 1960 ) 

කාමරේ පොරේ ( 1960 ) 

නරිබෑනා ( 1961 ) 

බක්මහ අකුණු ( 1962 ) 

දෙන්න දෙපොලේ ( 1964 ) 

ඉබිකට්ට හෙවත් ජීවන වංචාව, ජසයා සහ ලෙංචිනා ( 1965 )

 කබායේ හබය ( 1971 ) 

පද්මාවතී (1974 )

ගජමන් පුවත ( 1975 )

මදුර ජවනිකා ( 1983 ) 

ආනන්ද ජවනිකා ( 1986 ) 


     ඔහුගේ මුල් කාලීන නාට්‍ය අතර ජනාදරයට පාත්‍ර වූ නාට්‍යකි,ප්‍රසිද්ධ ජනකතා දෙකක් ඇසුරින් රචිත '' නරිබෑනා " නාට්‍යය. 


සයිමන් නවගත්තේගම 


උපත-1940 සැප්තැම්බර් 15

විපත-2005 නොවැම්බර් 09

      නව කතා සහ තිර කතා රචකයෙකි.නළුවෙකි. නවගත්තේගම මිශ්‍ර පාසල, මාහෝ මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේ ය. ලෝ ප්‍රකට බර්ටෝල්ට් බ්‍රෙශ්ට් තියටර් ආයතනයෙන් නාට්‍යකරණය හදාරා තිබේ. ඔහුගේ ප්‍රසිද්ධ කෘති සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා,සුද්දිලාගේ කතාව, සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා


නාට්‍ය


ගංඟාවක් සපත්තු කබලක් සහ මරණයක් - නාට්‍ය පිටපත රචනය ( 1970 )

පුස්ලෝඩං ( 1972 ) 

සුබ සහ යස ( 1974 ) 

ස්ත්‍රී ( 1976 )

ගඟන සරණ කුරුල්ලෝ ( 1978 ) 

සුදු සහ කළු හෙවත් වර්ණ ( 1979 )


ධර්මසිරි බණ්ඩාර නායක  








උපත - 1949 ඔක්තෝබර් 6


      ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ සිනමා අධ්‍යක්ෂක වරයෙකි. නාට්‍යවේදියෙකි. නළුවෙකි. වාද්දූව මහා විද්‍යාලයෙන්, පිංවත්ත සද්ධර්මාකර පිරිවෙනෙන් හා හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය ලැබීය. ඔහුගේ ධවල භීෂණ නාට්‍යයට කළ වේදිකා සැකසුම මෙරට නාට්‍ය කරුවෙකු කළ මුල් ම විශිෂ්ට වේදිකා සැකසුම ලෙස පිළිගැනීමට ලක් විය. 


නාට


චූලෝදර මහෝදර ( 1974 ) 

ඒකාධිපති ( 1975 ) 

මකරාක්ෂයා  ( 1985 )

ධවල භීෂණ ( 1985 ) 

යක්ෂාගමනය ( 1994 ) 

ට්‍රෝජන් කාන්තාවෝ ( 1999 ) 

 

     එසේම හංස විලක්, තුන්වෙනි යාමය, බවදුක සහ බව කරම ආදිය ඔහුගේ සිනමා නිර්මාණ අතර වේ.

 

හෙන්රි ජයසේන 


උපත - 1931 ජුලි 6 

විපත - 2009 නොවැම්බර් 11

       සිනමා සහ වේදිකා නළුවෙක් වන මොහු නාට්‍ය රචකයෙකු මෙන් ම අධ්‍යක්ෂක වරයෙකුද වේ. ගම්පහ බැණ්ඩියමුල්ලේ දී උපත ලද හෙන්රි ජයසේන, ලෝරන්ස් කොලීජියේ සහ ඉන් පසුව කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. නාට්‍ය රංගනයට යොමු වූයේ නාලන්දා විදුහලේ උගන්නා සමයේදී ය. හෙතෙම ඉංග්‍රීසි උප ගුරුවරයෙකු වශයෙන් පළමු පත්වීම ලද්දේ පදියපැලැලේ දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයටයි. ජානකී නම් පළමු නාට්‍ය අධ්‍යක්ෂණය කළේ එහි සිටය. මාස කිහිපයක ඇවෑමෙන් ගුරු තනතුර අතහැර දමා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුවට එකතු විය. 


නාට්‍ය


මනමාලයෝ ( 1953 ) 

වැදගත්කම ( 1954 ) 

ඇත්ත කුමක්ද ( 1955 )

පව්කාරයෝ( 1959 ) 

ජනේලය ( 1962 ) 

තවත් උදෑසනක් ( 1964 ) 

මනරංජන වැඩ වර්ජන ( 1965 )

අහස් මාලිගා ( 1966 ) 

හුණුවටේ කතාව ( 1967 )

අපට පුතේ මගක් නැතේ ( 1968 )

දිරිය මව ( 1972 ) 

මකරා ( 1973 )

සරන සියොත් සේ පුතුනි හබා යන ( 1975) 


      මොහු විසින් බ්‍රෙශ්ට්ගේ නාට්‍යක් ඇසුරින් නිපද වූ හුණුවටයේ කතාව ලංකාවේ බිහි වූ උසස් ම නාට්‍ය වලින් එකකි.


Post a Comment

9 Comments