කුමන සහ විල්පත්තුව
කුමන
නැගෙනහිර පළාතේ තිබෙන කුරුල්ලන්ට වෙන්වූ ජාතික වනෝද්‍යානයක් වන මෙය හෙක්ටයාර් 35664.7 ක් හෙවත් අක්කර 89191.85ක භූමි ප්‍රදේශයක් මෙයට අයත් වේ. 2006 සැත්තැම්බර් 5 වැනිදා ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.
කුමන වනාහී කුරුල්ලන්ට ප්‍රසිද්ධ, පර්යටනික ( සංචාරක ) පක්ෂීන් විශාල ලෙස සිටින ස්ථානයක් වේ. දෙසැම්බර් හා මාර්තු අතර කාලයේ මෙහි වැඩි වශයෙන් කුරුල්ලන් දක්නට හැකිය. පර්යටනික පක්ෂි විශේෂ 90 ක් පමණ කුමන විල්ලුව ප්‍රදේශයේ බහුලව දැක ගත හැකිය. තමන්ට ඇති සුදුසු උෂ්ණත්වය ආහාර හා සුරක්ෂාව නිසා කුරුල්ලෝ මෙම වනෝද්‍යානයට පැමිණෙති. කුරුල්ලන් මෙම ප්‍රදේශයට පැමිණ මාස 3-4 ක් පමණ කාලයක් සිට වර්ගයා බෝ කරයි.
ලංකාවේ උසම පක්ෂියා වන අලිමානාවා මෙන් ම ලංකාවේ විශාලතම පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දක්නට හැකිය. අධ්‍යනයක් අනුව මෙහි දෙස් විදෙස් පක්ෂි විශේෂ 280 ක් පමණ සිටින බව හඳුනා ගෙන ඇත. ලංකාවට ආවේණික වලි කුකුළා, හබන් කුකුළා හා ගිරා මලිත්තා මෙහිදි අපට බහුලව දක්නට ලැබේ. උරග විශේෂ 50 ක් පමණ මෙහි සිටින බව වාර්තා වේ. ඒ අතර පිඹුරා, මුදු කරවලා, පිනුම් කටුස්සා, පොදු හිකනලා බහුලව දකින්න හැකිය. වනෝද්‍යානයේ වැඩි පිරිසක් විල්ලු හා කළපු ස්වභාවයක් ගනී. මෙහි බහුලව තණ බිම්, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාධාරා වනාන්තර තිබේ. ඒ වනාන්තර වල විවිධත්වයක්ද දැක ගත හැකිය.
යාල ජාතික උද්‍යානයට මායිම්ව නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔය ආශ්රිත මෙය පිහිටා ඇත. ඊසාන දිග මෝසම් වැස්සෙන් වැසි ලැබේ. මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට මෙම වනෝද්‍යානය අයත්වේ.
මෙම වනාන්තරය ළඟම ඇති ප්‍රධාන නගරය පොතුවිල් ය. මෙහි ක්ෂීරපායි සතුන් 20 ක් පමණ සිටී අලියා, දිවියා, ගෝනා, වලහා, තිත්මුවා, වල් හරකා, හඳුන් දිවියා, කුළු හරක්, නරියා, වල් ඌරා, රිළවා, රන්මුගටියා මෙහි බහුලව දැකිය හැකිය. කැස්බෑවෝ ද වෙරළ ආශ්‍රිතව සිටිති. වැව් ගනනාවක් කලපු කිහිපයක් මනෝද්යානය ඇතුළත තිබෙන අතර බාගරේ කළපිව, ඉටිකළ කලපුව, පලුගස් වැව තුමුල්ල වැව, දිවුල්පල්ලම වැව ඒ අතර වේ.
මේවායේ සිටින මත්ස්‍ය විශේෂ ගණන 40 ක් පමණ වෙන බව වනජීවී නිලධාරීන්ගේ අදහසයි. රැවුල් දන්ඩියා, ගල්පාඬියා, මගුරා, ආදී ආවේණික විශේෂ මෙන් ම වලයා, ලූලා, පොල්මල් ආඳා, මස්පෙතියා මෙන් ම තිලාපියා ද ඒ අතර වේ. අසේම සමනල විශේෂ ද 40 ක් පමණ මෙහි දක්නට ලැබේ.
විල්පත්තුව
විවිධ ලක්ෂණ පෙන්නුම් කරන ලංකාවේ විශාලතම වනජීවී උද්ද්යානයි. හෙක්ටයාර 131000 කට අධික භූමි ප්‍රමාණයකට උරුම කම් කියන විල්පත්තුව අනුරාධපුරය මන්නාරම සහ පුත්තලම් දිස්ත්‍රික්කවලට අයත් ය. මුහුදු මට්ටමේ සිට මීටර් 152 ක් උසින් පිහිටා ඇත. වර්ග සැතපුම් 425 ක් පමණ ප්‍රමාණයක පැතිරී ඇති. වනාන්තරය මෙරට විශාලතම වනෝද්‍යානය ලෙස ද ලෝක උරුම රැම්සා තෙත් බිමක් ලෙස ද සංරක්ෂණය කෙරේ.
කොටින්ගෙන්, වලසුන්ගෙන් තෝ තැන්නක් ලෙස ප්‍රචලිත විල්පත්තුවේ සුදු වැලි සහිත ඉවුරු වලින් යුත් ගලායන විල්ලු 60 ක් පමණ පිහිටා ඇති බව වාර්තා වේ. මෙම විල් වැසි ජලයෙන් පිරී ඇති පැතලි බේසම් ආකාරයෙන් යුක්තය. මුවන්, කුළු හරකුන්, කිඹුලන්, මොනරුන්, හිවලුන් මෙන් ම විවිධ පක්ෂි විශේෂ රාශියක් ද විල්පත්තු වනෝද්‍යානය තුළ දක්නට හැකිය.
මෙහි ඇති විල්ලු 60 න් 2 ක් මුහුද හා කිසිදු සම්බන්දතාවක් නොමැති වුවත් එහි ජලය කරදිය වීම ද විශේෂ ය. 1905 වසරේ සිට අභය භූමියක් ලෙස නම් කර ඇත. තරමක් ඝන වියළි කලාපීය ලක්ෂණ සහිතය. කැලය තුල සිටින කොටීන් ගණන තවමත් නිශ්චිතව ගණනය කර නොමැත. කොටින්ගේ ගහනය වැඩි නිසා මෙම වනෝද්‍යානය ලෝකයේ හොඳම ජාතික වනෝද්‍යාන අතරට ගැනේ. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙ. අංශක 27.2 ක් පමණ වන අතර වර්ෂාව මිලි ලීටර් 1000 කට ආසන්නය. සැත්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් විල්පත්තු වනයට වැසි ලැබේ. වනාන්තරයේ බටහිර පැත්ත සම්පූර්ණයෙන් ම කැලයෙන් වට වී ඇත.
ගල්වීර, ඇටඹ, පුහුල, හීන්කෙන්ද, වල් කෝපි යන ශාක ද, ඖෂධීය ශාක විශේෂ රාශියක් ද මෙහිදී හමු වී ඇත. රණවරා, හාතවාරිය, කෝවක්කා, හීන් තොලබෝ, ගොඩ මානෙල්, මස්බැද්ද, මුහුදු, බිම්නුග, ඉරමුසු වැනි විශේෂ ඊට අයත් වෙයි. විල්පත්තුවේ විල්ලු ප්‍රදේශවල ඔරසිසා නිවාරා සහ ඔරසිසා රිබ්සොමාටිස් ( විද්‍යාත්මක නාම ) යන ඌරු වී නම් දෙශීය වල් වී විශේෂ දෙකද බහුලව දැකගත හැකිය. වනගත පලතුරු බහුල විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කෝන්, මාදං, කිරිකෝන්, හිඹුටු, ඇඹුල් ඇඹීලිය, මහ එරමිණියා දිවුල් වැනි ශාක විශේෂ දක්නට හැක.


11 Comments
Nice 😍
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteGreat 💛🥂
ReplyDeleteBEST 👍
ReplyDeleteBest
ReplyDeleteVeleuble
ReplyDelete👍👍
ReplyDeleteGreat❤️
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteGreat
ReplyDelete