ෆර්ඩිනන්ඩ් මැගලන්
ලොව ප්‍රකට දේශගවේෂකයන් අතර ෆර්ඩිනන්ඩ් මැගලන්ට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. හෙතෙම සැලකෙනුයේ ලොව වටා යාත්‍රා කළ පළමු දේශගවේෂකයා ලෙසිනි. එමෙන් ම පැසිපික් සාගරය තරණය කළ පළමු යුරෝපිකයා වීමේ ගෞරවයද ඔහු දිනා ගත්තේ ය. පැසිපික් සාගරය හා අත්ලාන්තික් සාගරය යා කෙරෙන සමූද්‍ර සන්ධිය සොයා ගන්නේ ද ඔහු ය. මේ අනුව ලෝකය වටා ගමන් කළ පළමු යාත්‍රිකයා ඔහුය.
ළමාවිය තොරතුරු
මොහු උපතින් පෘතුගීසි ජාතිකයෙකි. ඔහු උපන්නේ ක්‍රි.ව. 1940 දී සබෝසා නම් කදුකර ගම්මානයේ අගහිගකම් බහුල පවුලක ය. බාල වියේ දීම මව්පියන් අහිමී වී ගිය නමුත් ඔහුට පෘතුගාල රජ මාලිගාවේ සේවකයෙකු වීමට හැකි විය. එහිදී මූලික අධ්‍යාපනය ලබාගත් හෙතෙම භූගෝල විද්‍යාව හා තාරකා විද්‍යාව පිළිබද විශේෂ අවධානයක් යොමු කළේ ය. ඔහු කුඩා කළ පටන් සමුදුර ගම්න්වලට කැමැත්තෙන් සිටියේ ය.
පසුබිම් තොරතුරු
මැගලන් ලොව වටා යන්නට පෙර එවක ලෝකයේ පැවති පසුබිම පිළිනදව සොයා බැලීම වැදගත් වේ. ස්පාඤ්ඤය හා පෘතුගාලය අත්ලාන්තික් සාගරය අවට පිහිටි රටවල් දෙකකි. 15 වන සියවස වනවිට මෙම රටවල් දෙක බලවත් රාජ්‍යයන් ලෙස පැවතිණි. ඔවුගේ ප්‍රධාන අරමුණ වූයේ කුළු බඩු ආශ්‍රිත වෙළදාම දියුණු කර ගැනීමයි. එම අරමුණ සඵල කර ගැනීමට නම් වෙනත් රටවල් සොයා ගත යුතුව තිබිණි. ඒ නිසා දෙරැටියෝ කුළු බඩු සහිත රටවල අයිතිය ලබා ගැනීමේ මහත් වූ තරගයකට එළඹ සිටියහ.
මැගලන්ගේ පළමු මුහුදු ගමන
මැගලන්ට මුහුදු ගමන් සදහා බොහෝ සේ උපකාරී වූයේ සිතියම් භාවිත කිරීමට දැන තිබීමත් සමුදුරු නැව් යාත්‍රා කිරීමට ලබා තිබූ දැනුමත්ය. එමෙන් ම ඔහු ලිස්බන් හීදී වෙළදාම පිළිබද ව දැනුමක් ලබා තිබිණි. මැගලන් තම පළමු මුහුදු ගමන ආරම්භ කළේ විසි වෙනි වියේ දීය. ඒ ඉන්දියාවටය. ඒ වන විට ෆ්‍රැන්සිස්කෝද අල්මේදා නම් පෘතුගීසි ජාතිකයා සිටියේ ඉන්දියාවේ ය. ඒ ඔහුට සහය පිණිසයි. පෘතුගීසි රජය 1505 වසරේ දී මැගලන් ඉන්දියාවට එවන ලද්දේ ය. ඉන්දියාවට ගොඩබට මැගලන් ට කන්නෝර් නම් ප්‍රදේශයේ දී ස්වදේශිකයන් සමග සටනකට මුහුණ දීමට සිදු විය.
මැලේසියාව සොයා ගැනීම
මැගලන් ලෝකය ගෝලාකාර බවට සහතික කළ අයෙකි. එම මතයේ එල්බ සිටිමින් මැගලන් වසර ගනනාවක් තිස්සේ නැගෙනහිර අප්‍රිකානු මුහුදේ ගවේෂණවල නිරත වූයේ ය. ඒ ගවේෂණවල එක් ප්‍රතිඵලයක් වූයේ මැලේසියාව හදුනා ගැනීමයි. පෘතුගාලයේ සිට බටහිර දෙසට ගමන් කිරීමෙන් කුළු බඩු සහිත දූපත් සොයා ගත හැකි බවට විශ්වාස කළේ ය. එමෙන් ම යුරෝපයේ සිට බටහිරට ගමන් කිරීමෙන් පෙරදිගට පැමිණීමට හැකි මාර්ගයක් සොයා ගැනීම ඔහුගේ එක් අරමුණක් විය. එපමණක් නොව එම අරමුණු ලෙහෙසියෙන් ජයගත නොහැකි බවද ඔහු දැන සිටියේ ය.
රජයෙන් අවසර පැතීම
තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා ආධාර ලබා ගැනීම සදහා මැගලන් සිය රටට පැමිනියේ ය. රජුගෙන් ආධාර උපකාර ඉල්ලා සිටියේ ය. එනමුත් මැගල්න් අපේක්ෂා කළ පරිදි රාජ්‍ය අනුග්‍රහය නොලැබුණි. ඉන් අධෛර්යයට පත් නොවුණු ඔහු ඉසබෙලා රැජිනගේ මුනුපුරකු වූ චාල්ස් කුමාරයාගෙන් ආධර ඉල්ලා සිටියේ ය. ඔහු සිය අනුග්‍රහය මැගලන් වෙත ලබා දීමට කැමැත්ත පළ කළේ ය. එම අනුග්‍රහය යටතේ මැගලන් සිය චාරිකාව ආරම්භ කළේ නාවික යාත්‍රා පහක් සහ පරිවාර සහයකයන් දෙසිය පනහකට අදික පිරිසක් ද සමගිනි.
දුක් පීඩා මැද ගමනක්
මැගලන්ගේ ගමන් මාර්ගය ලෙහෙසි පහසු වූවක් නොවේ. ඔහු ගමන් ගත්තේ අධික දුක් පීඩාවන්ට මුහුණ දෙමිනි. යාත්‍රාවල නැගී සැඩරළ සමග පොර බදිමින් වෙහෙසට පත් වෙමින්, අනන්ත දුක් පීඩාවන්ට මුහුණ දෙමින් මැගලන් ඇතිළු පිරිස පළමුව ලගා වූයේ බ්‍රසීලයට ය. බ්‍රසීලය ඒ වනවිට පැවතියේ පෘතුගීසි යටත් විජිතයක් ලෙසිනි. බ්‍රසීලයෙන් ආහාරපාන පමණක් ලබාගත් ඔවූහු දකුණු දිගට යාත්‍රා කළේ ය. ඒ අධික සීතලෙන් යුතු කාලයකි. අධික සීතලට මුහුණ දිය නොහැකි වුණු ඔවූහූ අද ආර්ජන්ටිනාව ලෙස හදුන්වන එදා පැටගෝනියාව ලෙස හැදින්වූ දේශයේ ලැගුම් ගත්හ. මෙහිදී ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයකින් මැගලන් මරණයට පත් කරන්නට සැරසුණද එම උත්සහය ව්‍යර්ථ විය.
මැගලන් සමූද්‍ර සන්ධිය සොයා ගැනීම.
මැගලන්ගේ එකම අරමුණ වූයේ කුළු බඩු සහිත දිවයිනක් කෙසේ හෝ සොයා ගැනීමයි. ශීත කාලය අවසන් වන තෙක් රැදී සිටි පිරිස අරමුණු සඵල කර ගැනීම සදහා පිටත් වූහ. නොසිතූ ලෙස ගමන දිගු විය. වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව සමූද්‍ර සන්ධියට සේන්දු වූයේ ය. එම සමූද්‍ර සන්දිය මැගලන් සමූද්‍ර සන්ධිය ලෙස නම් කෙරුණි. එය අත්ලාන්තික් සගරයත් පැසිපික් සාගරයත් වෙන්වන තැනයි. මේ සමූද්‍ර කපොල්ල තරණය කළ පිරිස ලෝකයේ කිසිවෙකු තරණය නොකළ ශාන්ත වූ සාගරයකට පිවිසියහ. එය ශාන්තිකර සාගරයයි. පසුව එයට නම් තබන ලද්දේ පැසිපික් සාගරය යනුවෙනි.
පිලිපීනයට ගොඩ බැසීම
දිගු කාලයක් යාත්‍රා කළ පසුව මැගලන් තවත් දිවයිනකට සේන්දු විය. එය පිලිපීනයයි. ගමනේ දුශ්කර බව නිසාම මැගලන් පිරිස සමග පිලිපීනයේ නවාතැන් ගත්තේ ය. දැඩි සීතලට ඔරොත්තු දිය නොහැකි නිසාත් රෝගවලට ගොදුරු වීම නිසාත් සගයන් බොහෝ දෙනෙකු මියගොස් තිබුණි. එපමණක් නොව යාත්‍රා කිහිපයක් ද විනාශයට පත්විණි.
මැගලන්ගෙ අවසානය
පිලිපීනයේ දි මැගලන් සහ තවත් පිරිසක් අතර ගැටුමක් හට ගත්තේ ය. ගැටුම දුරදිග ගොස් ෆර්ඩිනන්ඩ් මැගලන් නම් අසහාය නාවිකයා දිවියෙන් සමුගත්තේ ය. ඉතිරි පිරිස කුළුබඩු පිරවූ යාත්‍රා දෙකක් සහිතව සිය මව් රට බලා ගමන් ගත්හ. මැගලන් හා පිරිස ඉතිහාස ගත වූයේ ලෝකය වටා ගමන් කළ පළමු කණ්ඩායම ලෙසිනි. එපමණක් නොව ලෝකය ගෝලාකාර බවට තිබූ මතය සනාථ කිරීමට ද මේ චාරිකාව හේතු විය.
මැගලන්ගේ අත්සන


15 Comments
👌👌👌👌❤️
ReplyDeleteBest 👍👍
ReplyDeleteGood Article..
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteBest
ReplyDeleteGood article 👍
ReplyDeleteවැදගත්
ReplyDeleteGreat❤️
ReplyDeleteGreat🎉️👍
ReplyDeleteVeleuble
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteGood
ReplyDeleteNiyamai
ReplyDeleteGreat
ReplyDelete