පත්තරේට ආ කාටූන් 





      වචන දහසකින් කිව යුතු කතාවක් එක් චිත්‍රයකින් කිව හැකි බව කීවේ චීන චින්තකයෙකු වූ ලාඕට්සේය. පුවත්පත් කාටූනයෙන් සිදුවන්නේ ද එයමය. කාටූන් කලාව පෝෂණය වන්නේ චිත්‍රකලාවෙනි. චිත්‍ර කලාවෙන් ඉපදී හැදී වැඩුණද අද වන විට කාටූන් කලාව ජීවත් වන්නේ පුවත්පතේ ය. 

පුවත් පත් කාටූන් යනු

       හාස්‍යය හෝ උපහාසය දැනවීමෙහි සමත් සරල රේඛා චිත්‍රයකි. එය ලිඛිත පාඨයක් සහිත හෝ රහිත විය හැකිය. වර්ණ සහිත හෝ රහිත විය හැකිය. 

කාටූන් බිලින්දා 

       කාටූන් කලාව වසර 700 පමණ පැමිණි බව අනුමාන කෙරේ. පළමුවෙන්ම කාටූන් ලක්ෂණ සහිත සිතුවම් හමුවූයේ, පොම්පෙයි නුවර බිතු සිතුවම් අතරිනි. ඒවා හාස්‍යෝත්පාදක ලක්ෂණ සහිත සිතුවම් ය. එසේ ම 13 වන සියවසට අයත් අතම් යුරෝපීය පල්ලිවලින් විකට ස්වරූපයක් ගන්නා ගාර්ගෙයිල් මූර්තු හමු වී තිබේ. 1466 වර්ෂය වන විට ඒ.ඊ.එස්. මාස්ටර් නම් ජර්මන් ජාතික ශිල්පියා හෝඩියේ  අක්ෂර වලට හාස්‍ය ජනක මුහුණුවරක් ලබා දී තීබේ.

සත්ව මිනිසුන් උපදී 

       16 වන සියවසේ දී අනිල්බාල් සහ අගෝස්තිකා යන සහෝදරයින් දෙදෙනා විසින් නිර්මාණය කෙරුණු '' කැරිකේචර් '' නම් චිත්‍රවල වූයේ සත්ව සිරුරු  සහිත මිනිස් රූප හා කුඩා මුහුණු  සහිත විශාල මිනිසුන්ගේ රූපය. මෙම විකට චිත්‍ර ''කැරිකේචර් '' යැයි නම් කෙරුණේ ''කැරැක්ටර් '' හෙවත් ''චරිත '' යන අරුතිනි.  cartoon යන වචනය බිහිවූයේද කැරිකේචර් යන ඉතාලි වචනය ඇසුරිනි.  කැරිකේචර් කලාව බිහිවීමට පෙර ඉතාලි ජාතික ගුසෙප් අර්චම් බොල්ඩේ ද  විකට චිත්‍ර අත්හදා තිබේ. 

කැරිකේචර් ලොව වටා

       17 වන සියවස වන විට විකට චිත්‍ර ඇදීමේ කලාව ඉතාලියෙන් ප්‍රංශයට පැතිරිණි. ඒ Bernini නම් ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියා නිසා ය. 18 වන සියවස වන විට එය එංගලන්තයට හා යුරෝපයට ව්‍යාප්ත විය. හෝර්ගාන් නම් චිත්‍ර ශිල්පියා විසින් එකල එංගලන්තයේ පැවති අප්‍රසන්න දේ ''කැරිකේචර් '' චිත්‍ර ඇසුරින් විවේචනය කරන ලදී. 

කාටූන් නම තැබීම 

       කැරිකේචර් චිත්‍ර කාටූන්කලාවේ මුල් මුහුණුවරකි. එම විකට චිත්‍ර, කාටූන් බවට පත් වන්නේ විලියම් හෝගාර්ත් ( 1697-1746 ) අතිනි. ඔහු විකට චිත්‍ර වලින් සමාජයේ අසාධාරණකම් උපහාසයට ලක් කළේය. සරල එහෙත් සෘජු අරුතක් දෙන සහ එදිනෙදා සමාජ ගැටුලු වෙනුවෙන්  පෙනී සිටීමට සමත් එම චිත්‍ර වලට ඔහු විසින් කාටූන් යන නම දෙන ලදී. පසුව මෙම චිත්‍ර කලාව ප්‍රංශයට සහ  සෙසු යුරෝපීය රටවලටද හදුන්වාදෙනු ලැබීය. හොනෝරේ ඩෝමිය(ර්) එකල ප්‍රංශයේ බිහි වූ ප්‍රබල කාටූන් ශිල්පියෙකු විය 

හිට්ලර්ට හිසරදයක් 

       මෙසේ බිහිවූ කාටූන් කලාව දෙවන ලෝක යුද්ධයේ දී විශේෂ ස්ථානයක් ගත්තේ ය. කාටූන් චිත්‍ර ශිල්පීන් විශාල ප්‍රමාණයක් බිහි වූ අතර ඩේවිඩ් ලෝ නම් කාටූන් ශිල්පියා හිට්ලර්ට  හිසරදයක් වූ බවද කියවේ. ඔහු හිට්ලර් උපහාසයට ලක් කරමින් කාටුන් ඇන්දේය. හිට්ලර්ට සතුරු හමුදා තරමට ම ඩේවිඩ් තර්ජනයක් විය. 

කාටූන් කලාව ලෝකය පුරා 






 

      බෙන්ජමින් ෆ්‍රැන්ක්ලීන්

      

       කාටූන් චිත්‍ර කලාව බ්‍රිතානයට හදුන්වා දෙන ලද්දේ තෝමස් බ්‍රවුන් විසිනි. බටහිර ජාතීන් විසින් එය පෙරරදිග ලෝකයට හදුන්වා දෙන ලදී. වර්ෂ 1840 දී චීනයට ද, 1867 දී ජපානයට ද කාටූන් කලාව පැතිරිණි. රුසියානු කාටූන් කලාවේ පුරෝගාමියා අලෙක්සැන්ඩර් ඔර්ලොවස්කි ය. ඒ 19 වන සියවසේ දී ය.  ඇමරිකාවට කාටූන් කලාව හදුන්වා දෙන ලද්දේ  ''බෙන්ජමින් ෆ්‍රැන්ක්ලීන් '' ය. බ්‍රිතාන්‍ය යටත් විජිතවලට කාටූන් හදුන්වා දෙන්නේ මිෂනාරීන් ය. 20 වන සියවස වන විට කාටූන් පුවත්පතෙහි වැදගත් විශේෂාංගයක් බවට පත්විය. 

ලොව මුල්ම කාටූනය

       ලොව මුල්ම විධිමත් කාටූනයේ නිර්මාතෘ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලීන් ය. එය පළ වන්නේ වර්ෂ 1754 මැයි මස 09 වැනිදා පෙන්සිල්වේනියන් ගැසට් '' ( pensyl vanian Gazette ) පුවත්පතෙහි ය. JOIN or DIE ( එක්වෙමු නැත්තන් මිය යමු ) එම කාටූනය යි. මෙහි කැබලි අටකට වෙන් වූ සර්පයෙකු ඇද තිබේ. මෙමගින් නිව්‍යෝර්ක්,නිව් ඉන්ග්ලන්ඩ්,නිව් පර්සි,පෙන්සිල්වේනියා,මෙරිලන්ඩ්,වර්ජීනියා,උතුරු කැරෝලිනා දකුණු කැරෝලිනා යන ඇමරිකන් ප්‍රන්ත අටක් නිරූපණය කරයි. එයින් සංඛේතවත් වන්නේ ප්‍රාන්ත සියල්ල එකට එක් වුවහොත් බ්‍රිතානයට එරෙහි නිදහස් සටන ජය ගත හැකි බව ය. නැතිනම් සියල්ලන්ම මිය යාමට ඉඩ ඇති බවය. 

ශ්‍රී ලංකාවේ පළ වූ මුල්ම කාටූනය

        ශ්‍රි ලංකාවේ පළ වූ පළමු කාටූනය වශයෙන් සිංහල විශ්වකෝෂය දක්වන්නේ දිනමිණ පුවත්පතෙහි පළ වූ ''මුදලාලි '' නම් කාටූනයයි. මෙරට පුවත්පතක් පළ වූ පළමු දේශපාලන නාටකය 1931 දී  ස්වදේශ මිත්‍රයා පුවත්පතේ පළ විය. එස් ප්‍රනාන්දු මහතා එය නිර්මාණය කර ඇත. 

කාටූන් සංකේත

       කාටූන් සදහා විවිධ සංකේත භාවිතා කරයි. ලංකාවේ පුවත්පත් කාටූන් වල දී සාමය පරවියාගෙන් සංකේතවත් කරයි. ප්‍රචණ්ඩත්වය බෝම්බයකින් ද දේශපලන පක්ෂ , ඒ පක්ෂැවලට  අදාල සංඛේත වලින් ද සංකේතවත් කරයි. එසේම විවිධ රටවල් නියෝජනය කිරීමේ දී ලෝක පුවත්පත් කාටූන් ශිල්පීන් බහුලව යොදා ගන්නා සංකේත ඇත.

ලංකාව-ලංකා සිතියම 

       තායිවානය - තායිවානයේ ජාතික කාටුන් සංකේතය රානන්ලූරි නම් කාටූන් ශිල්පියා නිර්මාණය කළ            '' කසින්ලී '' ය. 

       ඉන්දියාව   - ගැටයක් ගැසූ ලණුවක් ඇදීම දැක්වීමෙන් හෝ පෙණය පුප්පාගෙන නයි පෙට්ටි‍යෙන් එළියට       ඇදෙන නාගයෙකු දැක්වීමෙන් බොහෝ කාටූන් ශිල්පීහූ ඉන්දියාව සංකේතවත් කරති. 

කාටූන් ශිල්පියා 

        කාටූන් ශිල්පියා පොදු ජනතාවගේ යහපත පිණිස සිය පින්සල හසුරවන්නෙකි. ඔහු හැමවිටම ජනතාවගේ පැත්තේය. සාධාරණය වෙනුවෙන් සෘජුව කතා කරයි. දෛනික සමාජ ගැටලු පිළිබද කාටූන් විවරණය ලබා දෙයි. ඒ නිසා ම අතීතයේ සිටම විවිධ රටවල කාටූන් ශිල්පීහු පාලකයන් ගේ උදහසට ලක්වූහ. 

පුවත්පත් කටූන් ප්‍රභේද 

දේශපාලන කාටූන් -   පවතින දේශපාලන වාතාවරනය හා බලපෑම මෙම කාටූනයෙන් පිළිඹිබු වේ.දේශපාලන    පක්ෂ හා දෙශපාලන නායකයෝ විවෙචනයට ලක් කෙරෙති.

කතුවැකි කාටූන්     -   කාලොචිත මාතෘකා අරබයා කතුවරයා විසින් ලියන කතු වැකියට සහය දෙන කාටූන් ය. 

තීරු කාටුන්            -   ස්ට්‍රිප් කාටූන් හෙවත් තීරු කාටුන්න් තනි කොටුවක,දෙකක හෝ තුනක නිර්මාණය කරයි.  ඇතැම්වා කොටස් වශයෙන් පලවේ. ඇතැම්වා එක් දිනකදී එක් මාතෘකාවක් පමණක් සකඡ්චා කරයි. සමජ,ආර්ථික හෝ දේශපාලන කරුණු සාකඡ්චා කරයි. 

පොකට් කාටූන්      -   මේවා බොහෝ විට පුවත් පතේ මුල් පිටුවේ පළ වේ. මෙය දේශපාලන හෝ සමාජමය        අදහසක් දක්වති. වචන සහිතව හෝ රහිතව පළවිය හැකි ය. 

ව්‍යාපාර කාටූන්      -   එක් විශයක් සදහා නිර්මාණය වුණු  කාටූන් මෙසේ හැදින්වේ. මෙම කාටූන් වර්ගයේ          ලාංකිය පුරෝගාමියා කැමිලස් ය. ඔහුගේ සෙල්ලංසේන  කාටූනය ක්‍රීඩාව සදහා ය. දැක්කොත් පද්මාවතී -සිනමාව සදහා ය. සෙල්ස් මෑන්- ව්‍යාපර සදහා ය. 

කාටූන් චිත්‍ර කතා    -   බොහෝ විට මේවා පලවන්නේ සති අන්ත හෝ සතිපතා පුවත්පත්වල ය. ඒවායෙ චිත්‍ර සහ  දෙබස් සමග කතා ඇතුළත් ය. ඇතැම් කතා දීර්ඝ කාලයක් පළවේ. ඇතැම් ඒවා එක්දින  කතා විය හැකිය. 

වෙනත් කාටුන්      -   මාධ්‍යවේදී දයා රජපක්ෂ මහතාගේ සමාජ සමයං කාටූනය වෙනස් ආරක කාටූනයකි. එහි     චරිත රැසක් ඇත. සමාජය විවරණය කරයි.  

Post a Comment

9 Comments