මායාවරුන්ගේ රහස එලි කළ බෙලීසියේ යෝධ සිදුර 

                                          

    ක්‍රි.ව.අට සහ නවය ශතවර්ෂවල මධ්‍යම ඇමරිකාවේ ආධිපත්‍ය පැතිර වූයේ මායා ගෝත්‍රිකයෝය. මධ්‍යම අමරිකාවේ මායා ශිෂ්ටාචාරය බිහිවුණා යැයි පවසෙන්නේ මීට වසර 2000 ට පෙරය. මායා ශිෂ්ටාචරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාසයක් වූහ. තාරකා විද්‍යව ගැන හසල දනුමක් ඔවුන්ට තිබුණි. ලේඛන කලාවද  ඔවුන් ප්‍රගුණ කර තිබුණි. නටඹුන් වී ගියත් අද අපට දකින්න ලබෙන පැලෙන්ක් සහ ටිකාල් වැනි මහ නගර ඉදි කළේ ද මායාවරුන් ය.

මහා අබිරහස 

     

     මායාවරුන් මධ්‍යම ඇමරිකාවට අයත් ප්‍රදේශවල විසූ ජනයා සමග වෙළද කටයුතු පවා කර ඇති බව සදහන් ය. දෙවි දේවතාවුන් ගනණාවකටම පුද පූජා කරන්නට  ඔවූහූ පෙලබී සිටියහ. ඔවුන් එම ආගමික වත්පිළිවෙත් සිදු කළේ ඔවුන්ගේ දින දර්ශනයකට අනුවය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 700 කට වඩා කාලයක් පවතිණි. ඔවුන්ගේ සංස්කෘතික පරිහානියට ලක් වූයේ යූරෝපියන්ගේ පැමිණීමත් සමග  ක්‍රි.ව. 1500 මුල් කාලයේ දී ‍යැයි පැවසෙයි. කෙසේ වුවත් මෙම මායවරුන් හිටි හැටියේ මිහිමතින් අතුරුදහන් වී ඇත. එහෙත් මායාවරුන්ගේ ශිෂ්ටාචාරය බිද වැටීමේ අබිරහස විසදීමට විද්වතුන් පිරිසක් සමත් වී තිබේ.  

බේලීස් ආවාටය 

      

     විද්‍යාවරුන්ට මේ සිදුවීම් හමූ වී අත්තේ බේලීස් රාජ්‍යයේ 'මහා නිල් සිදුර'රොන් මඩ පරික්ෂා කිරීමෙණි. එයින් පහැදිලි වී ඇත්තේ කාලයක් වැසි නොලබීම නිසා මහා නියගයක් ඇති වී මායා ශිෂ්ටාචාරය බිද වැටුණු බවත් මායවරුන් මිහිමතින් සමුගත් බවත් ය. මෙම නියගය මිහිමත හටගත් මහා නියගයක් බවද විද්වතුන් පැහැදිලි කරති. නියගයක් හේතුවෙන් මායවරුන්ගේ මායා ශිෂ්ටාචාරය බිද වැටීම සිදුවුණු බව අමරිකාවේ ටෙක්සාස්හී රයිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආන්ද්‍රේ ඩ්‍රොක්ස්ලර් මීට පෙරද පවසා තිබුණි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය අවදියේ දී, එය මෙක්සිකෝවේ සිට බේලීස් රාජ්‍ය දක්වාත් ගෞතමාලාවේ සිට උතුරු දිග කොස්ටරිකා දක්වාත් වයාප්ත වී පැවැතිණි. 

බේලීස් රාජ්‍යය 

       

    බේලීස් රාජ්‍ය පිහිටා ඇත්තේ මධ්‍යම ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ය. මෙහි නිල භාෂාව ඉංග්‍රිසි ය. භාවිතා වන මුදල් වර්ගය වන්නේ බේලීස් ඩොලරය යි. 2013 ලෝක බැංකු වාර්තාවට අනුව මෙහි ජනගහනය 331900 කි.

මායා සංස්කෘතිය 

      

    මායා සංස්කෘතියේ ඉහළින් ම පාලකයෙකූ හෝ රජ කෙනෙකු සිටි අතර ඔහුට පහළින් වංශවත් රදලයෝ සිටියහ. ඔවුන් අතර ඉහළ සමාජ තලයක සිටි ගොවීහු වෙළෙන්දෝ සහ පූජකයෝ වූහ.  සාමාන්‍ය ජනයා සිටියේ ඔවුන්ට පහළින් ය. ඔවූහූ ගොවිපළ සේවකයන්, දඩයක්කාරයන් සහ අත්කම් නිර්මාණකරුවන් ලෙස කටයුතු කළහ. ඔවුන්ටත් පහළින් සිටි අය වූයේ යුද්ධ වලදී අල්ලාගත් වහලුන් ය. ගොඩනැගිලි ඉදිකිරීම වැනි කටයුතු ආදී බරපතළ වැඩකටයුතු ඉටු කෙරුණේ ද ඔවුන් අතිණි. අද අපි දකින පැසිපන්දු ක්‍රිඩාවට සමාන ක්‍රිඩාවක් මායාවරුන් අතරේ පැවතුණි. රබර් බෝලයකට ඇගෙන් ගසා එය ක්‍රීඩාංගනයේ ඉහළින් සවි කළ වලලු අතරින් පැන්නවීම මෙම ක්‍රිඩාවේ ප්‍රධාන අංගය විය. 

මායා නගරය 

      

  මායාවරුන් ජීවත් වුණේ මනාව සැලසුම් කළ නගරවලින් සැදුම්ලත් ජනපදවලය. ඒ සෑම ජනපදයකට ම පාලකයෙකු සිටි අතර ඝන ලාවාවලින් සැදෙන ඔබ්සිඩියන් පාෂාණ,කොකෝවා, කපු සහ නොයෙක් ආකාරයේ කුළුබඩු වර්ග සම්බන්දයෙන් වෙළද ගනුදෙණු පාලනය කරනු ලැබූවේ මෙම පාලකයා විසිනි. එමෙන් ම ඔවූහූ අසල්වැසි ජනපද සමග යුධ වැදුණහ. කුරුල්ලන් අල්ලන දඩයක්කරුවෝ වර්ණවත්  කුරුළු පිහාටු වලින් වෙළෙද ගනුදෙනු කළහ. ඉතාමත් අලංකාර හිස් පලදනා සැරසීමට මෙම කුරුළු පිහාටු යොදා ගැනිණි. 

මායාවරුන්ගේ ජීවිතය 

       කදුකර ප්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කළ  ගොවීහූ බෝංචි,ඉරිගු සහ වැල් වට්ටක්කා වගා කළහ. එමෙන් ම ඔවූහූ. කලළුකුම් ගොවිපලවල් සහ මීමැසි ජනපද පවත්වාගෙන ගියහ. මායාවරු ගොවිපළවල හීලාකරගත් සතුන් ඇති නොකළහ. එහෙත් මායාවරු බල්ලන් ඇති කළහ. ගමන් බිමන් යාමට හෝ බඩු බාණ්ඩ රැගෙන යාමට කරත්ත හෝ අත් කරත්ත නොතිබුණු අතර ඔවුන් ට තිබුණේ සෙල්ලම් කරත්ත පමණි. 

ටිකාල්

      

     විශාලම මායා නගරය ලෙස සැලකෙන්නේ 'ටිකාල්' නගරය යි. මේ ප්‍රදේශයේ වර්තමානයේ අයත් වන්නේ ගෞතමාලාවටයි. ටිකාල් නගරයේ ජනගහනය 60000 කි. මායා පූජකයින් පිරමීඩවල සිදුකළ යාගහෝම සහ පුදපූජා දකබලා ගැනීමට පිරමීඩ පාදමේ පිහිටි සමචතුරශ්‍රාකාර භූමි ප්‍රදේශවලටරැස් වූහ. සූර්යයාගෙත් චන්ද්‍රයාගේත් ග්‍රහ ලෝකවලත් වෙනස් වීම් හොදින් තේරුම් ගැනීමට මායා පූජකයින්ට හැකි වූ නිසා කල්තියා සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිදුවන වෙනස් වීම් සම්බන්දයෙන් අනාවැකි පළකළ හැකිවිණි. මෙම බිලි පූජාවලදී මිනිසුන් බිලි දී සිරුරු පතුල නොපෙනෙන පිරමීඩ අසලම ඉදිකළ පූජනීය ළිංවලට විසි කරන ලදී. 

Post a Comment

10 Comments