ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් 




 
 ම්බැක්කේ දේවාලය පිහිටා ඇත්තේ මහනුවරන දිස්ත්‍රික්කයේ  උඩුනුවර මැද පළාතේ ගග පහල කෝරළයේ ය. පේරාදෙණියේ සිට ඇඹිල්මීගම දක්වා දිවෙන මාර්ගයේ දවුලුගල මංසන්දියෙන් ගම්හත දක්වා දිවෙන මාර්ගයේ  සැතපුම් භාගයක් පමණ ගිය විට හමුවන වෙල්‍ යායක් සහිත ගම්මානයේ ඇම්බැක්කේ දේවාලය පිහිටා ඇත. හෙළ කැටයම් කලාවේ එක් ප්‍රභේදයක්  වන ලී කැටයම් කලාව අද්‍යනයේ දී ඇම්බැක්ක දේවාලයේ කටයම් වලට සුවිශේෂි වටිනාකමක් හිමි වේ. ශ්‍රී ලංකාවේ ලී කැටයම් පිළිබද කල්පනා කරන කවරෙකුගේ මනසට වුව ද නිතතින්ම සිහිපත් වන හෙළ කලා ශිල්පියාට සුවිශේෂි ලක්ෂණ විදහා පෙන්වන ස්ථානයකි. ස්වභාව ධර්මය සමග අපූරු බැදියාවකින් යුතු හෙළ කැටයම් ශිල්පීන් තුළ වූ ඔවුන් ගේ අතට හසු වූ හැඩි දැඩි දණ්ඩක් පවා ලාලිත්තයෙන් හෙබි කැටයමක් බවට පත් කිටීමේ කලා කුසලතාවය නිර්මාණශීලී බාවය මෙහි පිලිඹිබු කර ඇත.

 
       මේ දේවාලය ගම්පොළ රජ කළ 3 වන වික්‍රමබාහු රජුගේ කාලයේ දී එනම් ක්‍රි.ව.1357-1375 අතර කාලයේදී ඉදි කර ඇතැයි සැලකේ. ඓතිහාසික භූමි ප්‍රදේශ භෙදීම අනුව නම් ගම්පොළ අයත් වන්නේ මායා රටට යි.  ගම්පොළ රාජධානිය ආරම්භ වන්නේ 4වන බුවනෙකබාහුගෙන් වන අතර 1341 සිට වස 74 ක පමණ කාලයක් සිංහල රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වශයෙන් ගම්පොළ පැවතුණි. ගම්පොළ යුගයේ විශිෂ්ඨ සාහිත්‍ය සේවයක් දැකිය හැකි අතර සිංහල සංදේශ කාව්‍ය ආරම්භ කරන මයුර සංදේශය ලියවෙන්නේ ද මේ යුගයේ දී ය. එසේම ගම්පොළ යුගයේ කැටයම් හා මූර්ති තුළින් විශාල උන්නතියක්පෙන්නුම් කරයි. මේ යුගයට අයත් ප්‍රධාන නිර්මාණ ලෙස ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්ක දේවාලය නම් කළ හැකි අතර ඇම්බැක්ක දේවාලයේ ඔබ දකින ලී කැටයම් මෙරට උසස් ම නිර්මාණ බව බොහෝ දෙනාගේ මතය යි.






       ඇත්තෙන් ම මෙය මනා ලී කැටයම්ගෙන් පිරුණු කලාගාරයකි. ගම්මාලු පිහිබිය වැනි දැව වර්ග වලින් මෙහි කැටම් නිර්මාණය කර ඇත. ලී කණුවල දොර ජනෙල් සහ උලුවහුවල ද කැටයම් දෙකිය හැකිය. මෙහි කටයම් මොස්තරවල විශේෂත්වය වන්නේ කල්පිත වූ අර්ධ නිරූඩ මිනිස් රූප, ස්වභාවික මිනිස් රූප, නිරූඩ සත්ව කැටයම්; නිරූඩ මෝස්තර කටයම් ආදී කාණ්ඩ ගනනාවකට අයත් සිංහල සැරසිලි මොස්ස්තරවල එකතුවක් දක්නට ලැබීම යි.

  
    ස්වභාවික මිනිස් රූප කටයම් වලට උදාහරණ ලෙස මල්ලව පොර,හසලුවා, දරුවාට කිරි පොවන මව, හේවායෝ පෙන්වා දිය හකිය. එසේම අර්ධ මිනිස් රූප වලට උදාහරණ ලෙස කිදුරිය නාරිලතා ද නිරූඩ සත්ව කැටයම් ලෙස හංස පූට්ටුව බේරුන්ඩ පක්ෂියා, මකරා නිරූපණය කර ඇත. එසේම මොස්තර වලට උදාහරණ  ලෙස විවිධ මනහර හැඩතල වලින් යුත් නෙළුම් මල් මෝස්තර කැටයම් ගනණාවක් ද ලියපත් සහ ලිය මල් මෝස්තර, බිනර මල, කතිර මෝස්තර, දිය රැල්ල, ගල් බිංදුව යනාදිය පෙන්වා දිය හකිය. 


      ඇම්බැක්කේ දේවාලය වටා ප්‍රාකරයක් ඉදි කර ඇත. වම් ප්‍රාකාරයේ දේවාලයට අතුළු වීම සදහා වන දොරටුව වාහල්කඩ යන නමින් හදින්වේ. වාහල්කඩෙහි දිග පළල පිළිවෙලින් අඩි 22 සහ 18 ක් පමණ වේ. මෙහි පියස්ස දැව කණු  10 ක් මත පිහිටුවා ඇත. වහලය, පරාල, තලාද, කුරපා ආදිය යොදා සකස් කර ඇත. වහලයට උළු සෙවලි කර තිබේ. දැව කණු සිටවා ඇත්තේ ගල් අත්තිවාරමක් මතය. කණුවල ආරම්භය හතරැස් ය. ඊට අගල් 33 පමණ උසින් වන කොටස කැටයම් කරන ලද පැති 8 යුක්තය. කණුවල ඉහලම කෙලවර නැවත හතරැස් ය. පේකඩ පොළවට නැබුරුවන ආකාරයෙන් නෙලා ඇත. මෙම පේකඩ මත තලාද තබා ඒ මත යට ලී සවි කර තිබේ. ඒ තාද වල විසිතුරු කැටයම් දැකගත හැකිය. වාහල්කඩ කණුවල හතරැස් කොටුවල ඇති කැටයම් ලෙස යෝගී රූප, ගජ සිංහ, ගුරුලා, හංස පූට්ටුව, සිංහයා, ළමයෙකුට කිරිදෙන මව, පලා පෙති, ලණු ගැටය වැනි කැටයම් දැක ගත හැකිය.  

                                                  
    වාහල් කඩින් දේවාල සංකීරණයට ඇතුළුවන විට ඉදිරියෙන් ම දික්ගෙය හමු වේ. මෙම දික්ගෙය තුළ අතීතයේදී බෙර වාදනය කර ඇති නිසා ''හේවිසි මණ්ඩපය'' ලෙස හදුන්වයි. මෙම නිර්මාණය රාජසිංහ රජ දවස ඉදි කරන්නට ඇතැයි සැලකේ. මෙහි කණු 32 පවතින අතර එක කණුවක කැටයම් 4 බැගින් කැටයම් 128 කි. පේකඩවල සිතුවම් 44 ක් ද බාල්කවල සිතුවම් 30 ක් ද කණුවල සිතුවම් 256  වේ. ඒ අනුව සමපූර්ණ කැටයම් සංඛ්‍යාව 514 ක් වේ.








  මෙහි තවත් සුවිශේෂි ලක්ශණයක් වන්නේ වහලය පිහිටා ඇති  ආකාරය යි.  මුදුන් යට ලීය කුරුපාව අසල සවි කළ ඇණය නම් කුඩා ලී කොටයට පරාල 26 ක් යකඩ ඇණ යොදා නොගෙන සම්බන්ද කර තිබීම විශිෂඨ  ග්ෘහ නිර්මාණ කුසලතාවකි.  යකඩ ඇණ යොදනවා වෙනුවට පරාලවල තුන් තැනකින් නැවී සිටින සේ පට්ටම් ගසා ශක්තිමත් ලෙස සවි කොට තිබේ. එම පරාල වලද කැටයම් කපා තිබෙණු දැක ගත හැකිය.  ඒ අනුව ඇම්බැක්කේ දේවාලය සුවිශිෂ්ඨ  නිර්මාත්‍රයක් ලෙස හදුන්වා දිය හැකිය.

Post a Comment

16 Comments