සූරියගොඩ රජමහා විහාරයේ නිර්මාණ කලාව

වර්තමානය වන විට සූරියගොඩ ග්‍රාමය ප්‍රසිද්ධව පවතින්නේ සූරියගොඩ ටැම්පිට විහාරය නිසාය. එහි නිවැරදි නාමය වන්නේ සූරියගොඩ ශ්‍රී නරේන්ද්‍රසිංහාරාමය යන්නයි. '' සූරියගොඩ '' යන නම පට බැදීම පිළිබදව සද්ධර්මාලංකාරයෙන් තොරතුරු සපයා ගත හැකිය. එහි දැක්වෙන තම්බසුමණ කථාවස්තුවේ ''කඩරොදගම'' යනුවෙන් මෙම ග්‍රාමය හදුන්වා තිබේ. මහනුවර රාජධානි සමයේ දී මෙම විහාරස්ථනයට ලබා දුන් කුඩපත් කිහිපයක් පවතී. 'තල්පතක ලියා ප්‍රාදේශිය පාලකයෙකු හෝ ඔහුගේ අනු දැනුම මත යම් පුද්ගලයෙකුට හෝ යම් ස්ථානයකට ලබා දෙන ලද රජකීය ඉඩම් ප්‍රදානයක් සම්බන්ධ ලියවිල්ල ' කුඩපත ලෙසින් හැදින්වේ.
උඩරට සිතුවම් කලාව පිළිබදව අධ්‍යනය කිරිමේදී වැදගත්වන ක්ෂේස්ත්‍රයක් ලෙසට මෙම සූරියගොඩ විහාරයෙහි ඇති ටැම්පිට පිළිමගෙය පෙන්වා දිය හැකිය. ක්‍රි.ව. 18 සහ 19 සියවස් වලට අයත් බිතුසිතුවම් රැසක් තවමත් ඉතා හොද තත්වයෙන් ආරක්ෂා වී තිබේ. ආචාර්ය සිරි ගුණසිංහ සහ එල්.ටී.පී. මංජු ශ්‍රී යන අය 1960 වර්ශයේ දී ලංකාවේ පැරණි බිතු සිතුවම් සහිත ස්ථාන වලට ගොස් විස්තර සොයා බලා වාර්තාවක් සකස් කර තිබේ. ඔවුන් එය සිදු කළෙ කලා මණ්ඩලයේ අනුග්‍රහය යටතේය. එම වාර්තාව තුළ සූරියගොඩ විහාරයේ සිතුවම් නොවැදගත් බැවින් ඒවායේ ඡායාරූප ගැනීම අනවශය බව් කියා කෙටි ප්‍රකාශයක් කර තිබේ. ඔවුන් එලෙස සිදු කර ඇත්තේ දෙගල්දොරුව,මැදවල හා ගංගාරාමය වැනි ස්ථාන වල ඇති මහනුවර යුගයේ චිත්‍ර සමග සූරියගොඩ විහාරයේ චිත්‍ර සැසදීම නිසා විය හැකිය. නමුත් මහාචාර්ය මහින්ද සෝමතිලකයන් පෙන්වා දෙන්නේ මහනුවර සම්ප්රදායේ සිතුවම් පිළිබද ව කියන විට සුරියගොඩ විහාරයේ ඇති සිතුවම් ද ඉතා වැදගත් වන බවයි.
සූරියගොඩ ටැම්පිට විහාරයේ ඇති සිතුවම්



සූරියගොඩ ටැම්පිට විහාරයේ පිටත බිත්තිවල අපාය දර්ශන සිතුවම් කොටා ඇත. ඒවා බැලූ බැල්මටම මහනුවර යුගයේ දී නොව මෑත කාලයේදී අදින ලද බව පෙනේ. දුසිරිතෙහි පව් වැඩවල නිරත වන ජනයාඅට පසු ආත්ම භ්හවයේදී අපායෙහි ඉපිද දුක් විදීමට සිදුවන අකාරය මෙම සිතුවම් වලින් විසද කරයි. එතරම් දියුණු ශෛලයකින් මෙම සිතුවම් ඇද නැත. පසු කාලීනව මේව මත සුදු පිරියම් කර ඇති නිසා හදුනාගැනීමට නොහැකි අකාරයෙන් විනාශ වී තිබේ. පසුව ඉතාලි ජාතික මරන්සි මෙම සිතුවම් ඇද පෙනෙන්නට ඇති පරිදි මතු කරගෙන තිබේ. උතුරු බිත්තියෙහි පරදා සේවනයේ විපාක සිතුවම් කර ඇත. කළු වර්ණයෙන් අපායේ යක්ෂයන්ව නිරූපණය කර ඇත. කටු ඉබුලත් එහි උල් වූ කටුවල පරදාර පාප කර්මයෙහි නියළුණු අයව එල්ල ඇති ආකාරයර්හ් නිරපිතය ලා රතු පහැයෙන් 'පරදාර කර්මය' යනුවෙන් සටහන් කර ඇත. මෙම සිද්දි දාමයට පිටු පසින් කහ වර්ණයෙන් ඇද ඇති චෛත්‍ය සිතුවමක් ද සියුම් ව පරික්ෂා කිරීමේදී දැක ගත් හැකිය. නැගෙනහිර බිත්තියෙහි එක් කොටසක අපාය දර්ශනත් අනෙක් කොටසෙහි සිදුහත් උපතත් සිතුවමට නගා ඇත. මේවා නොපැහැදිලිය. රතු වර්ණයෙන් ඇද තිබෙන බවක් හදුනා ගත හැකිය.
බටහිර බිත්තියෙහි එක් කොටසක අපාය සිතුවම් ද අනෙක් කොටසෙහි ඉහළ තීරුවේ සිදුහත් කුමරුන් සතර පෙර නිමිති දකින සිතුවමක් පහළ තීරුවේ බොරු කීමේ සහ සුරා පානය කිරීමේ දඩුවම් දැක්වෙන අපාය සිතුවම් ද නිරූපිතය. මෙම විහාරයේ පිටත බිත්තිවල සේම කෑගල්ල දිස්ත්‍රික්කයේ අම්බරේගොඅඩ බෝධිමාලකාරාම ටැම්පිට විහාරයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ උඩස්ගිරිය ටැම්පිට විහාරයේද පිටත බිත්තිවල අපාය දර්ශන සහිත සිතුවම් සිත්තම් කොට ඇත. ඒ අනුව මෙම විහාර ත්‍රිත්වයේම ඇති සිතුවම් සැසදීමේ දී සූරියගොඩ සහ උඩස්ගිරිය විහාරයේ සිතුවම් දියුණු ශෛලයක් පෙන්නුම් නොකරන බව පෙනී යයි. නමුත් අම්බරේගොඩ බෝධිමලකාරාමයේ අපාය දර්ශනයන් මහනුවර යුගයේ ශෛලගත සම්ප්රදාය අනුගමනය කරමින් නිර්මාණය කර ඇති අකාරය හදුනා ගත හැකිය. සූරියගොඩ විහාරයේ සහ අම්බරේගොඩ බොධිමාකලාරාමයේ අපාය දර්ශනයට අදාල සිදුවීම වචනයෙන් ලියා දක්වා තිබේ.එය අම්බරේගොඩ බෝධිමකාලරාමයේ දී අදාළ අපායේ දිග පලළ, එහි යෑමට හේතුවන වැරදි, පව් කළ තැනැත්තා කොපමණ කාලයක් අපායේ රැදී සිටිනවාද යන්න පූර්ණ විස්තරයක් දක්වා ඇත.
මේ අනුව සමකාලීන සමාජ ගැටළු වලට පිළිතුරු ලබා දීමක් මෙවැනි සිතුවම් තුලින් දකගත හැකිය. මේ අකාරයට සිතට කාවදින පරිදි අපාය දර්ශන සිතුවම් කිරීමෙන් විහාරයට පමිනෙන ජනයා පව්වලින් ඈත් කොට සුගතියෙහි යෙදීම නිර්මාණ ශිල්පියාගේ අරමුණ විය.
14 Comments
truely valuable....🙂🙂
ReplyDeleteVeleuble 👍👍
ReplyDeletegood 👍👍
ReplyDeleteala
ReplyDelete👍👍👍
ReplyDeleteBest 👍
ReplyDeleteGodak wadagath article ekak.obata jaya!
ReplyDeleteGreat 💖
ReplyDeleteGodak watinwa
ReplyDeleteවැදගත් 💫
ReplyDeleteGreat
ReplyDeleteGreat
ReplyDeleteGood
ReplyDelete💜️💜️💜️💜️
ReplyDelete